ගතවූ දිනයේ දී ඉන්දියාවෙන් ඔමික්‍රොන් ප්‍රභේදය ආසාදිත පුද්ගලයන් 122 ක් හඳුනාගෙන ඇත.
ඒ අනුව මේ වන විට එරටින් හඳානාගෙන ඇති සමස්ත ඔමික්‍රොන් ප්‍රභේදය ආසාදිතයින් සංඛ්‍යාව 415ක්.
එම සමස්ථ ආසාදිතයින්ගෙන් 91%ක් පූර්ණ එන්නත්කරණයට ලක් වූ පුද්ගලයන් වන අතර 27%ක් කිසිදු විදෙස් සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
කෙසේ නමුත් මේ වන විටත් ඉන්දියාව තුළ බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාදීම සඳහා කටයුතු නොකිරීම හේතුවෙන් එරට බොහෝ දෙනාගේ කනස්සල්ලට හේතු විය.
විශේෂඥයන් පෙන්වා දෙන්නේ නව ප්‍රභේදය හමුවේ ලොව රටවල් ගණනාවක බූස්ටර් මාත්‍රාව ලබා දීම ආරම්භ කර ඇති නමුත් මේ වන තෙක් ඉන්දියාව තුළ එම වැඩපිළිවෙළට යොමු නොවීම හේතුවෙන් ඉන්දියාව අවදානම් තත්ත්වයකට පත්විය හැකි බවයි.