නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරන්නේ ඇතැම් විට ලංකාව තුළ මේ වන විටත් ඔමික්‍රොන් ප්‍රභේදය පැතිරගොස් තිබිය හැකි බවයි.
මෙරටට ඔමික්‍රොන් ප්‍රභේදය පැමිණීම 100%ක් නවතාලිය නොහැකි බවත් , මීට පෙරදී ද ලොව පැතිර ගිය කොවිඩ් වෛරස් ප්‍රභේද ලංකාවට පැමිණීම වළක්වා ගැනීමට නොහැකි වූ බවත් වෛද්‍ය හේමන්ත හේරත් මහතා වැඩි දුරටත් සඳහන් කර ඇත.
එසේ ම මෙම නව ප්‍රභේදය ද ලංකාවට පැමිණියහොත් එය පාලනය කර ගැනීමට සැලසුම් සකස් කරමින් විවිධ ක්‍රම අනුගමනය කිරීමට ද සිදුවන බවත් ඔහු මෙහි දී පෙන්වා දී ඇත.