හෙට (20) සිට සති 04ක කාලයක් රට ලොක්ඩවුන් කිරීමට නෙදර්ලන්තය තීරණය කර ඇති බව වාර්තා වේ.
ඒ නව කොවිඩ් ප්‍රභේදය වන ඔමික්‍රොන් රට තුළ ව්‍යාප්ත වීම පාලනය සඳහා යි.
ඔමික්‍රොන් ප්‍රභේදයට, ඩෙල්ටා ප්‍රභේදයට වඩා ඉහළ සැලකිය යුතු වේගයකින් ව්‍යාප්තවන බවත්, සෑම දින එකහමාරත් තුනත් අතර කාලයේ දී ආසාදිතයින් සංඛ්‍යාව දෙගුණ වීමේ අවදානමක් පවතින ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනතුරු අඟවා ඇත.