ඔමික්‍රොන් ලොවක් විනාශ කරයි ද?

ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරන්නේ ඔමික්‍රොන් කොවිඩ් නව ප්‍රභේදය ලොවපුරා සීඝ්‍ර ලෙස ව්‍යාප්ත වීමට වැඩි ඉඩක් ඇති බවයි.

එලෙස ව්‍යාප්ත වුවහොත් එයින් දරුණු ප්‍රතිවිපාක ඇති කළ හැකි අතර එය ගෝලීය අවදානමක් වනු ඇති බව ද ඔවුන් පෙන්වා දෙයි.

මේ නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සිය සාමාජික රටවල් 194 න් ඉල්ලා ඇත්තේ සිය රටේ එන්නත්කරණ ක්‍රියාවලිය ප්‍රමුඛතා හඳුනාගනිමින් වේගවත්ව සිදු කරන ලෙසයි.

එමෙන් ම අවදානම වැඩි කාණ්ඩයන් තෝරා ඔවුන් හඳුනාගෙන එන්නත්කරණ කටයුතු කාර්යක්ෂමව සිදු කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය වැඩි දුරටත් ඉල්ලීම් කර ඇත.

Exit mobile version