මේ වන විට ලොව පුරා සීඝ්‍ර වශයෙන් පැතිර යන ඔමික්‍රොන් වෛරස් ප්‍රභේදය බහුල වශයෙන් දක්නට ලැබෙන්නේ ඇමරිකාව, ප්‍රංශය, ඉතාලිය සහ එක්සත් රාජධානිය තුළිනි.
සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම ප්‍රභේදයෙන් ආරක්ෂා වීමට නම් බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා ගැනීම අනිවාර්යය වන බවයි.
මෙම ඔමික්‍රොන් ප්‍රභේදය ආසාදනය වූවන්ගෙන් ප්‍රධාන වශයෙන් රෝග ලක්ෂණ 08ක් දක්නට ලැබෙන බව වාර්තා වෙයි.
එම රෝග ලක්ෂණ වශයෙන් උගුර කැසීම, නාසයෙන් දියර ගැලීම,මහන්සිය, කිවිසුම්,පිටෙහි පහළ ප්‍රදේශයේ කැක්කුම, හිසේ කුක්කුම, රාත්‍රියට දහඩිය දැමීම සහ මාංශ පේෂිවල ඇති වන වේදනාව දැක්විය හැකිය.