ඔමික්‍රොන් ප්‍රභේදය හමුවීමත් සමග ලොව බොහෝමයක් රටවල් මේ වන විට කොවිඩ් වසංගතය සම්බන්ධයෙන් අවිනිෂ්චිත තත්ත්වයකට මුහුණ පා ඇත.
මෙවැනි මොහොතක මොඩර්නා ආයතනය විසින් සුබ පුවතක් සමස්ත ලෝකයටම ලබා දීමට සමත්ව ඇත.
ඒ මොඩර්නා කොවිඩ් මර්දන එන්නත ඔමික්‍රොන් ප්‍රභේදයට එරෙහිව පළමු පෙළ ආරක්ෂිතයෙක් වශයෙන් සටන් කරන බවයි.
එම ආයතනය වැඩිදුරටත් පෙන්වා දුන්නේ ඔවුන් විසින් මේ සම්බන්ධයෙන් සිදුකළ විද්‍යාගාර පරික්ෂණය සාර්ථක බවත් නුදුරේදීම ඊට අදාළ සායනික පරීක්ෂණය ද සිදු කිරීමට අපේක්ෂා කරන බවයි.