නව කොවිඩ් ප්‍රභේදය වන ඔමික්‍රොන් හඳුනා ගැනීම සඳහා වන මෙරට දී සිදු කරන පර්යේෂණ කටයුතු වේගවත් හා කාර්යක්ෂම කර ඇති බව වාර්තා වේ.
මෙම පර්යේෂණ සඳහා යොදාගනු ලබන්නේ “ ජාන විශ්ලේෂණ” ක්‍රමවේදය බව විශේෂඥයින් සඳහන් කරයි.
මේ ඔස්සේ මෙරටට පැමිණෙන විදේශිකයින්ගේ සහ මෙරට පුද්ගලයින්ගේ සාම්පල පරීක්ෂා කිරීම වේගවත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇත.
ඒ අනුව මෙම ජාන පරීක්ෂණ කටයුතු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ දී සහ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ දී සිදු කරන බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.