ඔල්ටන් වතුයායෙන් හමුවූ අස්ථි කොටස්

මස්කෙළිය ඔල්ටන් වතුයායෙන් මෙයට මාස හතරකට පමන පෙරදිී අතුරුදහන්වු පුද්ගලයකුගේ බවට සැකකරන අස්ථි කොටස් 15වන දින හමුව ඇත.
15වනදින මස්කෙළිය පොලිස් බල ප්‍රදේශයට අයත් ඔල්ටන් වතුයායේ නිලා වත්ත කොටසේ පුද්ගලයකු විසින් මෙම මිනිස් අස්ථි කොටස් දැක ඇති අතර පසුව මේ බව මස්කෙළිය පොලිසියට දැන්විමෙන් පසුව මස්කෙළිය පොලිසිය විසින් මේ පිළිබඳව පරිීක්ෂණ ආරම්භ කර ඇත.
මේ පිළිබදව කරන ලද විමසිීමකදි අදහස් දැක්වු මස්කෙළිය පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ මස්කෙළිය ඔල්ටන් වතුයායේ නිලා වත්ත කොටසේ මිනිස් අස්ථි කොටස් ඇති බවට ලැබුන තොරතුරක් මත පරිීක්ෂණ ආරම්භ කිරිමට පියවර ගත් බවත්ය.
මෙයට මාස හතරකට පමන පෙරදි එම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 75ක් වයසැති ක්‍රිෂ්ණසාමි යන අය හිටි හැටියේ අතුරු සහන්වු බවට පැමිණිල්ලක් ලැබි තිබු බවත් එම පැමිණිල්ල මත පරික්ෂණ ආරම්භ කලද ඔහු සොයා ගැනිමට නොහැකිවු බවත්ය.
මෙසේ හමුව ඇති මිනිස් අස්ථි කොටස් එසේ අතුරු දහන්වු පුද්ගලයාගේ බවට සැක කරන බවත් මේ පිළිබදව මස්කෙළිය පොලිසිය වැඩි දුර පරික්ෂණ ආරම්භ කර ඇති බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.

Exit mobile version