ඔල්ට්මාන් නෙරපීම හේතුවෙන් සේවකයින් අස්වීම

ලොව ප්‍රමුඛතම කෘත්‍රීම බුද්ධිය හා සම්බන්ධ සමාගම වන “OpenAI” සමාගම තුළ උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබෙන අතර ඊට හේතුව ලෙස දැක්වෙන්නේ එම සමාගමේ සම නිර්මාතෘ සහ එහි ප්‍රධානියා ලෙස කටයුතු කළ සෑම් ඔල්ට්මාන් ව සේවයෙන් නෙරපීමට එහි අධ්‍යක්ෂ මණ්ඩලය කටයුතු කිරීමයි.

වාර්තා වන ආකාරයට එසේම එම සමාගමේ සේවකයින්ගෙන් 95%ක් අධ්‍යක්ෂ මණ්ඩලය ට ලිපියක් යොමු කරමින් පවසා ඇත්තේ අධ්‍යක්ෂ මණ්ඩලය දුර්වල බවත් සිය සමාගමේ කටයුතු මෙම තීරණය හේතුවෙන් යටපත් වන බවයි.

සිය ප්‍රධානියාව නැවතත් සේවයේ පිහිටුවන ලෙසත් ඔවුන් බල කරන අතර පසුගිය සති අන්තයේ අල්ට්මාන් සේවයෙන් නෙරපූ අතර ඊට සුළු මොහොතකට මයික්‍රොසොෆ්ට් සමාගම නිවේදනය කළේ තම සමාගමේ නව පර්යේෂණ අංශයේ ප්‍රධානියා ලෙස අල්ට්මාන් ව තෝරාගත් බවයි.

කෘත්‍රීම බුද්ධිය සම්බන්ධ වර්ධනයේ ප්‍රමුඛයෙක් ලෙස සැලකෙන සෑම් අල්ට්මාන් “OpenAI” සමාගමෙන් නෙරපීම තාක්ෂණික ක්ෂේත්‍රය පුදුමයට පත් කළ අතර එම සමාගමේ සේවකයින් යොමුකළ ලිපියේ එහි ප්‍රධාන පෙළේ නිලධාරීන් ද අත්සන් තබා තිබීම විශේෂත්වයක් වේ.

සිය ඉල්ලීම් සඳහා යහපත් ප්‍රතිචාරයක් නොලැබුණහොත් තමන් ද “OpenAI” සමාගමෙන් අස්වන බව එම සේවකයෝ පවසා තිබෙන බවට තවදුරටත් වාර්තා වේ.

Exit mobile version