1984 වර්ෂයේ සැප්තැම්බර් මස 27 වන දින මහනුවර දී උපත ලද මැටිල්ඩා කාල්සන් ශ්‍රී ලංකාවේ උපත ලැබීමට වරම් ලැබුව ද ඇයට එය හිමි වූයේ මාස 03ක් වැනි කෙටි කාලයකි. ඇයට වයස මාස 03ක් පමණ වන විට ඇයව ස්වීඩන් ජාතික යුවලකට ලබා දී ඇත්තේ දරුවකු ලෙස ඇතිදැඩි කර ගැනීමටය. ඇය අද වන විට සමාජ ජාලා තුළ බොහෝ සෙයින් කතා බහට ලක් වන චරිතයක් බවට පත්ව ඇත්තේ ශ්‍රී ලංකාව තුළ උපත ලැබීමට පමණක් වරම් ලද ඇය ස්වීඩනයේ දිවි ගෙවමින් සිට 2021 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ අශ්වාරෝහක තරඟ කාරියක ලෙස “ෂෝ ජම්පින්” තරඟ ඉසව්වට ශ්‍රී ලංකවෙ නියෝජනය කරමින් ඉදිරිපත් වීම නිසාය.
මේ වන විට 36 වන වියෙහි පසුවන ඇය 2018 වර්ෂය දක්වාම ස්වීඩනය නියෝජනය කරමින් ක්‍රීඩා කර ඇත.ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ බොහෝ සෙයින් ශ්‍රී ලාංකිකයන්ගේ අවධානය දිනා ගැනීමට මෙම තරඟ ඉසව්ව පත්වන්නේ ෂෝ ජම්පින් තරඟ ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ ඉතිහාසයේ ප්‍රථම අවස්ථාව මෙය වීමයි. 2021.08.03 වන දින ශ්‍රී ලංකාවේ වේලාවින් ප.ව.3.30 ට පැවති මෙම තරඟ ඉසව්වට ඇය ඉදිරිපත් වූයේ ඇගේ සහයකයා වූ ධාවන අසු ” චොපින් ” ද සමඟ ය.ඇය පැවසූ පරිදි චොපින් ගේ වටිනාකම ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 142 ක් පමණ වේ.හොඳ තරඟ ආරම්භයක් ලබා ගනිමින් පිටියට පිවිසි චොපින් තරඟය අතර මග දී නියමිත බාධක අභිබවා යාමට සමත් නොවීම නිසා ඔවුන්ට තරඟයේ පළමු වටයෙන් ම ඉවත් වීමට සිදු විිය.
ඇතැම් අවස්ථාවලදී විවිධ විවේචන එල්ල වුවත් ඇය ඇගේ පෞද්ගලික ධනය හා කාලය වැය කරමින් උත්සහ දැරුවේ අප සැමගේ මව්බිමට කීර්තියක් එක් කිරීමට ය. ඇය තමන් උපන් දේශය වෙනුවෙන් දැරූ මෙම අමිල උත්සහයට රාවණ මාධ්‍ය ජාලය වන අප සැමගේ හදපිරි ප්‍රණාමය පුද කරන අතර ඉදිරියේ දී මෙවන් තරඟාවලීන්ගෙන් අප මව්දෙරණ රනින් බැබලවීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියා ද ප්‍රාර්ථනා කර සිටිනවා.
සැකසුම:- W.S.ප්‍රාර්ථනා කරුණාරත්න.