ඔලිවියා නිව්ටන් ජෝන් ලොවෙන් සමුගනියි

ජනප්‍රිය ගායන ශිල්පියෙකු සහ රංගන ශිල්පිනියක වූ ඔලිවියා නිව්ටන් ජෝන් අභාවප්‍රාප්ත වී ඇත.

පිළිකා රෝගයක් හේතුවෙන් පීඬා විඳිමින් සිටි ඇය ඊයේ (08) අමෙරිකාවේ කැලිෆෝනියාවේදී අභාවප්‍රාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔලිවියා නිව්ටන් 1948 වර්ෂයේ කේම්බ්‍රිජ්හිදී උපත ලද අතර මියයන යන විට ඇය වයස අවුරුදු 73 වියේ පසුවිය.

බොක්ස් ඔෆිස් වාර්තා බිඳ හෙළන ලද ග්‍රේස් චිත්‍රපටයට ද ඔලිවයා නිව්ටන් ජෝන් රංගනයෙන් දායක වූ අතර ඇය එහි සැන්ඩි නමැති පාසල් ශිෂ්‍යයෙකුගේ චරිතයකට පණ පොවා ඇත.

Exit mobile version