ඔස්ට්‍රේලියාවේ 18ට වැඩි සියල්ලට කොවිඩ් මර්දන එන්නත් අනිවාර්යය කෙරේ

වයස අවුරුදු 18 වැඩි සියල්ලන්ට කොවිඩ් මර්දන එන්නත් ලබා ගැනීම අනිවාර්යය කරමින් ඔස්ට්‍රේලියාව විසින් නව නීතියක් හඳුන්වා දී ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අදාළ නීතිය අද (01) සිට බලපැවැත්වෙන බවයි.

කොවිඩ් – 19 වෛරසයට එරෙහි එන්නත යුරෝපානු රටක් අනිවාර්ය කළ ප්‍රථම අවස්ථාව මෙය ලෙස සැලකේ.

වෛද්‍ය කාර්යමණ්ඩලයට සහ වැඩිහිට ජනගහනය සඳහා එන්නත්කරණය බොහෝ රටවල අනිවාර්ය කර තිබුණ ද වයස අවුරුදු 18ට වැඩි සියලුම පුද්ගලයින්ට එන්නත්කරණය අනිවාර්ය කළ ප්‍රථම රට ඔස්ට්‍රේලියාව වශයෙන් සැලකේ.

ඔස්ට්‍රේලියා රජය ප්‍රකාශ කළේ දරුණු රෝගවලට එරෙහිව සටන් කිරිමට එන්නත්කරණය ඵලදායී බවත් රට අගුලු දැමීමකින් තොරව පවත්වාගෙන යාමටත් මෙම නීතිය අත්‍යවශ්‍ය්‍ය බවයි.

Exit mobile version