ඕමල්පේ සෝභිත මහා නාහිමි ඉතාම ගුණගරුක සහ සිල්වත් ස්වාමීන් වහන්සේ නමක් ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටින්නේ ශ්‍රී ලංකාව තුල පමණක් නොවේ. ලෝක බෞද්ධ ජනතාව මෙන්ම කාම්බෝජය වැනි රාජ්‍යන් වල උන් වහන්සේ පිළිගනු ලබන්නේ මහත් උත්සශ්රීයෙනි.
එවැනි පසුබිමක් නිර්මාණය කරමින් සමාජය වෙනුවෙන් සහ බුදු දහමේ උන්නතිය වෙනුවෙන් දැවැන්ත කාර්ය භාරයක් කරන උන්වහන්සේට “ හොර අත්සන් ගහලා” යනුවෙන් කතාවක් පැමිණියේය. එසේ සිදුවීමට ප්‍රධානතම හේතුව වුයේ පසුගියදා ගාලු මුවදොරට සංඝයා වහන්සේලා සමග වැඩමකොට එහි සිටි තරුණ තරුණියන්ට ශක්තිය වීම නිසා මෙන්ම අනෙකුත් ස්වාමීන් වහන්සේලාට වඩා ඉහලින් පැමිණ දුක් විදින ජනතාව වෙනුවෙන් මෙන්ම රටේ තිබෙන සැබෑ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙන ලෙස රජයට බලකරන නිසාය.
ඒ අතර පසුගියදා අනතර්ජාල නාලිකාවක් සමග පැවති සම්මුඛ සකච්චාවකට එකතු වෙමින් එම හොර අත්සන් කතාව පිළිබඳව පිළිතුරු ලබා දෙමින් උන් වහන්සේගේ හොර අත්සන් කතාව අරුණ පත්තරයේ වැඩක් බවද, ඇගේ අමාරුව තියෙන කෙනෙක්ට මහනායක හාමුදුරුවන්ගෙන් ඒ ගැන අහන්න පුළුවන් බවද, හොර අත්සන හරියටම දකින්න ඇත්තේ ඥාන අක්කයි බලයෙන් විය හැකි බවද, අගමැති තනතුරෙන් යන්න සූදානම් බව හාමුදුරුවොන්ට පොරොන්දු වු බවද ප්‍රකාශ කරන ලදී.
එහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ වනසේ මේ ආණ්ඩුව ගෙදර අරින්න සිව් නිකායම හාමුදුරුවරු එකතු වන බවද, නාමල් බොහොම සැහැල්ලුවෙන් පාන් ගෙඩිය 400 වන බව ප්‍රකාශ කල බවද, සදහන් කරන ලදී.
එසේම මෙම හොර අත්සන් කතාව පිළිබඳව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අස්ගිරි මහා විහාරය සදහන් කලේ එහි ඇති අත්සන මහනායක හිමිගේ සැබෑ අත්සන බවයි. එසේම එම අත්සන උන් වහන්සේ යෙදුවේ කැමැත්තෙන්ම බවද එම නිවේදනයේ සදහන් විය.
චමුදිත සමරවික්‍රම මහතා සමග පැවති එම සම්පූර්ණ සාකච්චාව පහතින් නැරඹිය හැකිය.