ඕමානය ගණිකා මඩමක් කිරීමට ශ්‍රී ලාංකේය මැති ඇමතිලත්  සම්බන්ධයි.

මැදපෙරදිග සිදුකරන දැවැන්ත මිනිස් ජාවාරම පිළිබඳ ප්‍රධාන අනාවරණ කරු ඩුබායි සුද්දා සහ ඕමානයේ සිදු වූ මේ ජාවාරම පිළිබදව අත්දැකීම් ඇති දිලුපා ඉරෝශනී සමග ජේෂ්ඨ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සිදු කළ සාකච්ඡාව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර තිබේ.

ඩුබායි සුද්දා පවසන අකාරයට මෙයට මොහු එයට  සම්බන්ද වී ඇත්තේ රැකියාවක් සොයා පිටරකට යෑම සදහා සූදානම් වනවිටය. එහිදී ඔහු හොර ඒජන්සියකට ඔහු අසු ව තිබේ. එහි ප්‍රධාන සැකකරු ලෙස රිස්වාඩ් සහ නම් නොකියු මුස්ලිම් පුද්ගලයන් සිව්දෙනෙකු සිටින බව ඔහු සදහන් කරයි. එසේම මෙය පිටුපස දැවැන්ත දේශපාලන හස්තයක් සහ වගකිවයුතු නිලධාරීන් සහ ඇමතිවරු,තානාධිපති නිලදාරීන් රැසක් සිටින බව ද ඔහු අනාවරණය කරයි. එසේම ඕමානයේ තිබෙන ගණිකා මඩම් 14 ම පාහේ ලාංකීය කාන්තාවත් සම්බන්ද වී පවත්වාගෙන යන බව ඔහු වැඩිදුරටත් පවසන ලදී.

ඕමානයේ තානාදිපති කාර්යාලයට එරෙහිව විරෝධතාවයට එරෙහිව නායකත්ව ගෙන කටයුතු කරන ලද්දේ දිලුපා ඉරෝශනී විසින් සහ තවත් කාන්තාවන් සිව් දෙනෙකු විසින්ය. ඒ පිළිබද ඇය මෙසේ සදහන් කරන ලදී. ඕමානයේ මෙම සිදුවීම සිදුවූ බවට සැක කරන එම්බසිය හෙවත් safe house හි කාන්තාවන් 80 පමණ සිටි අතර ඒ තුල ආහාරපාන, බිමට  වතුර ,සනීපාරක්ෂක පහුසුකම් කිසිවක් ප්‍රමානවත් තරම් නොතිබූ බව පවසන ලදී. ඒ සදහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින ලැබෙන සියලු අහාර සහ සියලු  මුදල් ප්‍රියංගිකා යන අය විසින් ලංකාවේ ඇයගේ නිවසට යවන බවද ඇය සදහන් කරන ලදී .එහි ප්‍රධානියන් ලෙස කටයුතු කර ලද්දේද ප්‍රියංගික,කුෂන්,මානෙල් යන තිදෙනා බව ඇය සදහන් කරන ලදි. දේශපාලන ඉත්තන් තානාපති කාර්යාලය නිලධාරීන් බවට පත්කිරීම හේතුවෙන් මේ සියලු අපරාධයන් සිදුවන බව මැයගේ අදහසයි. මේ කාන්තාව මුලින්ම පැමිණියේ visit visa එකකින් පසුව එය job visa එකක් ලෙස පරිවර්තනය කරගෙන බවද ඇය පවසයි.ඉන් අනතුරුව ගෘහ සේවිකාවක් ලෙස අවරුදු 2කට  ආසන්න කාලයක් සේවය කර තිබේ. එහිදී සිදුවූ අපහසුතාවයන් ඇය ඩුබායි වෙත රැගෙන ගිය ඒජන්සියට පවසා තිබේ. ඉන් අනතුරුව ඔහු  ඇයව safe house හි සිටින කුෂන් නමැත්තා  වෙත යොමුකරන තිබේ. එහිදී ඇයට ඔහු විසින්  අයුතු යෝජනා ඉදිරිපත් කළ බවට ඇය සදහන් කරයි. මෙහි සිටින කාන්තාවන් ලිංගික වෙළදාමක් ලෙස මොහු විකුණන බවට ඇය සදහන් කරන ලදී. එහි සිටින කාන්තාවන් ශාරීරික වශයෙන් පවා වද හිංසා වලට ලක්වන බව ඇය වැඩිදුරටත් සදහන් කරන ලදී.

මැදපෙරදිග සිදුකරන දැවැන්ත මිනිස් ජාවාරම පිළිබඳ සියලු විස්තර තමන් දන්නා බව ඩුබායි සුද්දා සදහන් කරයි . නමුත් ඔහුගෙන් කිසිම බලධාරියෙක් ඒ පිලිබදව ප්‍රශ්ණ නොකරන්නේ ඇයිද?, යන්න ඔහුට තිබෙන දැවැන්ත ප්‍රශ්ණයක් බව ඔහු පවසන ලදී.

කාන්තාවක් විදෙස්ගත වීමට තීරණය කරන්නේ මෙරට තුළදී තම ජීවිතය තම දරුවන්ගේ ජීවිතය සරිකර ගැනීමට කිසිවක් නොමැතිම වූ මොහොතකය.නමුත් අද වන විට ඔවුන්ගේ ජීවිත ඉත්තන් ලෙස සලකා ඔවුන් මිනිස් ජාවාරම්කරුවන්ගේ උගුල්වල පටලන්නේ අපේ රටේ පාලක පන්තිය විසින්.මේ සම්බන්ධයෙන් ‌කොපමණ තොරතුරු සමාජය ඉදිරියේ අනාවරණය කළද ඊට අවශ්‍ය්‍ය පියවර ගැනීමට අදාළ බලධාරීන් කටයුතු නොකරයි.ඒ ඔවුන්ගේ බියගුලුකම ද නැතිනම් වෙනත් කරුණක් නිසාදෝයි අද වන විට ජනතාවට සැක පහළ වී ඇත.

මෙවැනි තත්ත්වයක් තුළ බේබිලයි ,මැති ඇමතිවරුයි එක්ව රටේ ගෑනු ටික විකුණන් කන තත්ත්වයකට අද මේ රට පත්වෙලා හමාරයි.රට විකුණන් කෑව මදිවට අද වෙනතොට රටේ ජනතාවත් පිට දේශයන්ට මිනිස් ජාවාරම්කරුවන් ඔස්සේ විකුණාදමයි.‌මේවාට වගකිව යුත්තන් ජනතා මනාපයෙන් පත් කළද ඔවුන් වගකියන්නේ ද ධනය බලය ඇත්තන්ට පමණකි.

සම්පූර්ණ කතාව පහතින් නරඹන්න.

Exit mobile version