• ජුලි 7 පසුව ඇයට එරට රැදීමට වීසා නෑ
• ලංකාවට ගෙන්වාදීමට ලක්ෂ 5 ක් එම්බසියෙන් ඉල්ලනවා.
• එරට වැඩ විතරයි. පඩියක් නෑ.
මීට වසර එක හමාරකට පමණ පෙර මාබේරිය තැන්න, දිගන, රජවැල්ල, ප්‍රදේශයේ සිට ඕමාන් රටේ ගෘහ සේවය සදහා ගොස් නිවසක මේ වනතෙක් සේවය කරන 24 හැවිරිදි ඇන්තනී තිලොෂිත නමැති මව (අවුරුදු 24) වසර එක හමාරක් පුරා අත් විදින දුක්කිත තත්වයක් පිලිබදව අපට තොරතුරු ලැබී තිබේ.
ඒ අනුව මෙම කාන්තාව වැටුප් රහිතව සේවය කරන බව හා ඇයගේ වියදමට එරට මුදලින් රියාල් 20 ක් පමණක් ලැබෙන බවත් එම මුදල එම රටේ ජීවත්වීමටවත් ප්‍රමාණවත් නොවන බවද වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ද වෙමින් ඇය ප්‍රකාශ කලේය.
ඇය ඉල්ලා සිටින්නේ ඇයට ලංකාවේ සිටින දරුවන් පිලිබදව බොහෝ ප්‍රශ්න ඇති බව හා ඕමානයේ සිටින නිවසේ බොහෝ ප්‍රශ්න ඇති බවත් හැකි ඉක්මනින් කුමන ක්‍රමයකින් හෝ ඇය ලංකාවට ගෙන්වා ගන්නා ලෙසය.
එසේම මෙම කාන්තාවට එම රටේ සිටිය හැක්කේ ජුලි මස 7 දින තෙක් පමණක් වන බැවින් ඊට පෙර ඇයව ලංකාවට ගෙන්වා ගන්නා ලෙස ඇය ජනාධිපති තුමා ඇතුළු සියලු දෙනාගෙන් ඉල්ලා සිටි. එම දිනය පසුවුව හොත් එරට නීතියට අනුව ඇය අත්අඩංගුවට පත්වනු ඇත.
ඇය ගෙන්වාගැනීමට ලංකාවේ එම්බසියට ගිය අවස්ථාවේ රුපියල් ලක්ෂ 5 ක් ලබාදෙන්නේ නම් ලන්කාවට යැවිය හැකි බව පවසා තිබේ. එතරම් මුදලක් ඔවුනට නැති බැවින් ජුලි මස 7 දිනට පෙර ඇය ගෙන්වා නොගතහොත් ඇයහට කුමක් සිදුවේද යන්න සිතාගැනීමට නොහැකි බව ඇයගේ මව සදහන් කරයි.
එසේම අප මේ පිලිබදව තවත් තොරතුරු රාශියක් සොයාගෙන තිබෙන නමුත් ඇයගේ ජීවීතාරක්ශාව වෙනුවෙන් ප්‍රසිද්දියට පත් කල නොහැක. එසේම මේ කාන්තාව සහ තවත් කානතාවන් ගනනාවක් මෙසේ විවිද ස්තානවල සිර වී සිටින බව වාර්තාවේ. මෙම මිනිස් ජාවාරම් මෙහෙයවන්නේ ශ්‍රී ලාංකිකයන් විසිනි. මෙම ජාවාරම සිදු කරන බොහෝ දෙනෙකු පිලිබදව අප ඉදිරියේදී සාක්ශි සහිත ලිපියක් ඉදිරිපත් කිරීමට නියමිතය