යාපනය දිස්ත්රික්කයේ පදිංචිකරුවන් වූ 43 දෙනෙකු නීති විරෝධී ලෙස ඕස්ට්රේලියවට යාම සදහා උණවටුණ ප්රදේශයේ හෝටලයක රැදී සිටියදී අද (23) අලුයම නාවික හමුදාවේ ද සහය ඇතිව අත්අඩංගුවට ගත් බව හබරාදුව පොලිසිය විසින් ප්රකාශ කර ඇත.
ඔවුන් අතරින් 33 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර 07 දෙනෙකු කාන්තාවන්ද තිදෙනෙකු ළමයින්ද වන බව වාර්තා වේ.
මෙම පිරිස පුල්මුඩේ ප්රදේශයෙන් ඕස්ට්රේලියවට පලා යාමේ බලාපොරොත්තුවෙන් මාසයක පමණ සිට විවිධ ස්ථාන වල නතරව සිට ඇති බවත් පසුද දින පහක සංචාරයක් යාමට බව පවසා වව්නියාවෙන් බසයක් රැගෙන ගාල්ල උණවටුණට පැමිණ හෝටලයක නතර වී සිටියදී මෙසේ අත්අඩංගුවට පත්ව ඇති බවත් වාර්තා වේ.
එසේම අද දින මෙම සියලු දෙනාම ගාල්ල මහේස්ත්රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.