ඕස්ට්‍රේලියාව දිනු ශ්‍රී ලාංකික කාන්තාව

ශ්‍රී ලංකාව නියෝජනය කරන ශ්‍රී ලංකාවේ උපන් ශ්‍රී ලාංකිකයන් විශාල ප්‍රමාණයක් ලෝකයේ විවිධ රටවල පදිංචිව සිටිති. පවතින අරගලකාරී තත්වය මත ශ්‍රී ලංකාවේ රජයට ඉවත් වන ලෙස ඉල්ලා ලොව රටවල් ගණනාවක දහස් ගණනක් ජනතාව වීථි බැස්සේය. එසේම ශ්‍රී ලංකාවේ ඉල්ලීම වන ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු රාජපක්ෂ පාලනය අවසන් කරන්නේ නම් ශ්‍රී ලංකාවට ඩොලර් එවන බවද ඔවුන් එක හෙලාම ප්‍රකාශ කල අතර අද වන විටද එය එසේම පවතී. එසේ ප්‍රබල ශ්‍රී ලාංකිකයන් ලෝකයම පුරාම දිනෙන් දින බිහිවෙමින් පැවති.

මේ කතාවේ ඇය නමින් කැසෙන්ඩ්රා ප්‍රනාන්දුය. වයස අවුරුදු 34 ක් වන ඇය 1999 එහි පදිංචියට ගොස් තිබේ. එකල ඇගේ වයස අවුරුදු 11 කි. මෙවර පැවති මහා මැතිවරණයට ඇය තරග වැදුනේ ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය නියෝජනය කරමිනි. එහි විශේෂත්වයක් ගෙන දෙමින් ඇය සමග තවත් ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු ඉදිරිපත් විය. ඇය කම්කරු පක්ෂයෙන් තරග වැදුණු අතර ඇයට ප්‍රතිවාදීව ලිබරල් පක්ෂය නියෝජනය කල රාන්ජ් පෙරේරා මහතාද ශ්‍රී ලාංකිකයෙකු වන අතර ඔහු ලිබරල් පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත් විය .

එහිදී කැසෙන්ඩ්රා ප්‍රනාන්දු මහත්මිය ඡන්ද 40,182 ක් ද රාන්ජ් පෙරේරා මහතා ඡන්ද 29,732 ක් ලබාගෙන තිබේ. එහිදී තරග වැදුණු අනෙක් ශ්‍රී ලාංකිකයා වන්නේ විරොෂ් පෙරේරා මහතාය. ඔහු තරග වැදුනේ වික්ටෝරියා ප්‍රාන්තයේ ස්කලින් අසුනටයි. ඔහු ලබාගෙන තිබු ඡන්ද සංඛ්‍යාව 17,385 කි. නමුත් ඔහු එහිදී පරාජයට පත්ව තිබෙන්නේ කම්කරු පක්ෂයේ ඡන්ද 33,604 ක් ලාබගෙන තිබු ගිලස් ඇන්ඩ්රු ටය.

ඒ අනුව ඉතිහාසයේ ඕස්ට්‍රේලියනු පාර්ලිමේන්තුව නියෝජනය කරන ප්‍රථම ශ්‍රී ලංකික කාන්තාව ලෙස ඉතිහාසයට කැසෙන්ඩ්රා ප්‍රනාන්දු මහත්මියටයි. අප ඇයට සුබ පැතුම් එක කරන අතර ශ්‍රී ලංකික නාමය බබළවමින් තරග වැදුණු අනෙක් දෙදනා වන රාන්ජ් පෙරේරා සහ විරොෂ් පෙරේරා යන මහත්වරුන්ටද අපගේ ගෞරවය සහ සුබපැතුම් එක් කරමු

Exit mobile version