ඖෂධ නිෂ්පාදනය, සැපයීම සහ නියාමන රාජ්‍ය අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් දන්වා ඇත්තේ අත්‍යවශ්‍ය ඖෂධ කිහිපයක උපරිම සිල්ලර මිලෙහි සංශෝධන කිහිපයක් සිදුකළ බවයි.
ඒ අනුව අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 60ක මාත්‍රා වර්ග 131ක මිල නියාමනය කර උපරිම සිල්ලර මිලක් නියම කර ඇති බවත් එම ඖෂධ මත පනවන ලද උපරිම සිල්ලර මිලට ඉහළින් අලෙවි කිරීම නීතිවිරෝධී කටයුත්තක් බව ද අදාළ නිවේදනයේ සඳහන් කර ඇත.
එම අමාත්‍යංශ ලේකම් වෛද්‍ය ආර්.එම්.එස්.කේ.රත්නායක මහතා සඳහන් කරන්නේ යම් ස්ථානයක අදාළ උපරිම සිල්ලර මිල උල්ලංඝනය කරමින් ඖෂධ අලෙවි කරන්නේ නම් , complaints@nmra.gov.lk යන විද්‍යුත් තැපෑල ඔස්සේ ඒ පිළිබඳව දැනුවත් කරන ලෙසයි.
මිල ඉහළයාමෙන් අනතුරුව උපරිම සිල්ලර මිල ගණන් නියම වූ ඖෂධ ලැයිස්තුව පහතින්,