ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මැකීගිය දත්ත නැවත ස්ථාපනය කිරීම සඳහා විශේෂඥ සහාය ලබා ගැනීමට තීරණය කර ඇත.
ඖෂධ නිෂ්පාදන ,සැපයුම් සහ නියාමන රාජ්‍ය අමාත්‍යංශය සඳහන් කරන්නේ ඒ සඳහා විශේෂඥයින් 04 දෙනෙකු පිළිබඳව මේ වන විට අවධානය යොමු කර ඇති අතර ඒ අතුරින් දෙදෙනෙක් ශ්‍රී ලාංකිකයින් වන බවද සඳහන් වේ.
ඒ සඳහා වඩාත් සුදුසු විශේෂඥවරයා තෝරාගැනීමේ කාර්යය අමාත්‍යංශ්‍ය මගින් පත්කරන ලද කමිටුවක් ඔස්සේ සිදු කරන බවයි ඖෂධ නිෂ්පාදන ,සැපයුම් සහ නියාමන රාජ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ.