රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා සඳහන් කළේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ක්‍රියාකාරිත්වය සාර්ථක කිරීමට නම් එහි ව්‍යුහාත්මක වශයෙන් වෙනස්කම් රාශියක් සිදුවිය යුතු බවට යෝජනා පැමිණ ඇති බවයි.
පසුගිය දිනෙක ලැබුණු පංච පුද්ගල වාර්තාව එනම් ඖෂධ නියාමන අධිකාරියේ ක්‍රියාකාරිත්වය පිළිබඳ අධ්‍යනය කිරීම සඳහා පත්කරන ලද පංච පුද්ගල කමිටුව මගින් ඉදිරිපත් කරන ලද අතුරු වාර්තාව තුළින් මේ සම්බන්ධයෙන් තොරතුරු රැසක් ආනාවරණය වී ඇත.
මෙම පංච පුද්ගල කමිටුව විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනි වීරවර්ධන මහත්මියගේ සභාපතිත්වයෙන් යුකුත් වන අතර අදාළ වාර්තාව පසුගිය දා රාජ්‍ය අමාත්‍යවරයා වෙත භාදී ඇත.
රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේ අදාළ වාර්තාව මගින් එම ආයතනයේ වංචා දූෂණ රැසක් සිදු වූ බවට අනාවරණය වී ඇති බවත් එමගින් ඖෂධ නියාමන අධිකාරියේ පනත කඩිනමින් සංශෝධනය කළ යුතු බවත් නිර්දේශ ඉදිරිපත් කර ඇති බවයි.