මානව හිමිකම් කොමිසම වෙත වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය විසින් රටේ පවතින ඖෂධ හිඟය සහ ඖෂධ මිල ඉහළ යාම ජනතාවගේ මානව අයිතිවාසිකම් කඩවීමක් බව පවසමින් දන්වා ලැබුණු පෙත්සමකට අනුව මානව හිමිකම් කොමිෂන් සභාව විසින් විමර්ශනයක් පැවැත්වීමට තීරණය කර ඇති බව වාර්තාවේ.
ඒ අනුව එම විමර්ශන සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයට නොතීසි නිකුත් කර ඇති බව මානව හිමිකම් කොමිෂන් සභාව පවසා තිබේ.
එම පෙත්සමට අදාලව එහි වගඋත්තර කරුවන් ලෙස වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය විසින් නම් කොට ඇත්තේ සෞඛ්‍ය ලේකම්වරයා, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා සහ ඖෂධ නියාමන අධිකාරිය බවයි වාර්තා වන්නේ.