අද (21) පැවති පාර්ලිමේන්තු සභාවාරයේ දී රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා විසින් පසුගිය කාලයේ අධික මිලට ලබාගෙන තිබූ ඖෂධ 35ක ලැයිස්තුවක් සභාගත කර ඇත.
ඔහු පවසා ඇත්තේ අධික මිලට ඖෂධ මිලදී ගැනීම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දෙන බවත් එම ඖෂධ මාෆියාවට තිත තැබීමෙන් රුපියල් මිලියන 128ක් ඉතිරිකර ගැනීමට රජයට හැකි වී ඇති බවත් ය.
පසුගිය රජය ඇතැම් ඖෂධ “හදිසි මිලදී ගැනීම්” යනුවෙන් සඳහන් කර අධික මිල ගණන් යටතේ ගෙන ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටක් සඳහන් කර ඇත්තේ.
එසේම හදිසි මිලදී ගැනීම් ක්‍රමවේදයෙන් මිදී, සාමාන්‍ය ටෙන්ඩර් පටිපාටිය යටතේ ඖෂධ මිලදී ගැනීම තුළින් එරුපියල් බිලියන 1.14ක් පමණ ඉතිරිකර ගැනීමට රාජ්‍ය නීතිගත සංස්ථාවට හැකියාව ලැබී ඇති බවද ඔහු පෙන්වා දී ඇත.
අමාත්‍යවරයා විසින් සභාගත කළ ලැයිස්තුව,