ඊයේ (16 වැනිදා ) සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ පාර්ලිමේන්තුවේදී පවසා තිබෙන්නේ තවත් ඖෂධ සියයකට වහාම මිල පාලනයක් ගෙන ඒමට පියවර ගන්නා බවයි.
වාර්තා වන ආකාරයට ඔහු මේ බව සඳහන් කළේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රි ජයන්ත සමරවීර ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.දැනට මිල පාලනයට ලක් කර ඇති අත්‍යවශ්‍ය ඖෂධ සංඛ්‍යාව සියයක් බවත්,
“එක් ඖෂධයක් වෙළඳ නාම 10 කින්, 15 කින් පමණ තිබෙනවා. සාධාරණ මිලක් නියම කිරීමෙන් රෝගීන්ට අපහසුවකින් තොරව ඖෂධ මිලදී ගැනීමට හැකි වෙනවා . අත්‍යවශ්‍ය බටහිර ඖෂධ 862 ක් රට තුළ සංසරණය වනවා. ඉන් 675 ක් ආනයනය කරන්නෙ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන්.”
යනුවෙන් ඔහු ප්‍රකාශ කර තිබේ.