පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය සඳහන් කරන්නේ මෙරට තුළ කංසා බෝගය වගා කිරීම තුළින් විදේශ විනිමය උපයා ගැනීමේ හැකියාව පවතින බවයි.
ඇය මෙම අදහස් දැක්වා තිබුණේ 2022 අයවැය දෙවන වර කියවීමේ විවාදයේ තුන්වන දිනයට සහභාගී වීමෙනි.
ඇය පෙන්වා දෙන්නේ 2025 වර්ෂය වන විට කංසා සඳහා ලෝක වෙළඳපොළේ අගය ඩොලර් බිලියන 8.6 – 10.5 ත් අතර වටිනාකමක් ඇස්තමේන්තු කළ හැකි බවයි.
එමෙන් ම ශ්‍රී ලංකාව තුළ දේශීය වශයෙන් පවතින ඖෂධ වර්ග නිසි අයුරින් වගා කරන්නේ නම් එතුළින් විදේශ විනිමය උපයාගැනීමේ හැකියාව පවතින බවද ඇය මෙහිදී ප්‍රකාශ කර ඇත.