යාපනය දිසාව භාර රදගුරු ජස්ටින් ඥාන ප්රකාශම් පියතුමාගේ ප්‍රධානත්වයෙන් ඉන්දු ලංකා බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන කච්චත්ති මංගල්‍ය ශාන්ත ඇන්තෝනි දේවස්ථානයේදී පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
එමෙන්ම මෙම මංගල්‍යයට ඉන්දීය බැතිමතුන් 1000ක පමණ ප්‍රමාණයක් පැමිණෙන බව යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ප්‍රකාශ කරයි.
කච්චත්ති මංගල්‍ය සදහා සහභාගී වන මෙරට බැතිමතුන් උදෙසා අද යාපනය කුරිකට්ටුවාන් ජැටියේ සිට නාවික බෝට්ටු සේවයක් ක්‍රියාත්මක කිරීමටත් ඉන්දීය බැතිමතුන් සදහා ප්‍රවාහන , පානීය ජලය , සනීපාරක්ෂක පහසුකම් , තාවකාලික කුටි ආදිය නාවික හමුදාවේ සහයෙන් සිදු කරන බව සදහන් කරයි.