කටාර් දේශයේ දී දිවි අහිමි වූ ශ්‍රී ලාංකිකයින් පිළිබඳ හෙළිදරව්වක්.

2014 වර්ෂයේ සිට ශ්‍රී ලංකා සංක්‍රමිණික ශ්‍රමිකයින් 343දෙනෙකු කටාර්හි සේවයේ නියුතුව සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇති බවට අනාවරණය වී තිබේ.

එහිදී මෙම ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයන්ගේ මරණයට හේතුව වශයෙන් “ස්වභාවික” , “සියදිවි නසා ගැනීම්” , “මිනීමැරුම්” , “මාර්ග අනතුරු”, “වෙනත් අනතුරු”, “Covid මරණ” සහ “මරණ තහවුරු කර නොමැත” වශයෙන් ලැයිස්තු ගත කර තිබෙන බව වාර්තා වී තිබේ.

එමෙන්ම වාර්තා වී ඇති අයුරින් 2022 වර්ෂයේ ඔක්තෝම්බර් මස 31 වනදා වන විට මරණ 37ක් වාර්තා වී ඇති අතර එම මරණ සඳහා හේතු වශයෙන් සඳහන් වන්නේ ස්වභාවික මරණ 207ක්, සියදිවි නසා ගැනීම් 30ක්, නිවාස ඝාතන 06ක්, මාර්ග අනතුරු හේතුවෙන් සිදු වූ මරණ 50ක්, වෙනත් අනතුරු මගින් 35ක් , covid මරණ 14ක්  සහ තහවුරු කර නොගත මරණ 01ක් වශයෙනි.

මෙම තහවුරු කර නොගත් මරණය 2020 වර්ෂයේ වාර්තා වූ මරණයක් වන අතර 2021 වර්ෂයේදී 11ක් සහ 2022දී 03ක් ඇතුළුව COVID මරණ 14ක් වාර්තා වී තිබෙන බව සඳහන් වේ.

එමෙන්ම මේ වන තෙක් වැඩි මරණ සංඛ්‍යාවක් 2015 වර්ෂයේදී වාර්තා වී ඇති අතර ඒවා ස්වභාවික මරණ 29ක් ,සියදිවි නසාගැනීම් 05ක්, රිය අනතුරු 12ක් සහ තවත් සිද්ධීන් 06ක් ලෙස මරණවලට හේතු සඳහන් කර ඇත.

Exit mobile version