මේ වන විට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු පරිගණක පද්ධතිය යළි යථා තත්ත්වයට පත්ව ඇත.
අද (09) උදෑසන 09.00ට පමණ එම පරිගණක පද්ධතිය අක්‍රීය වූ අතර එය යළිත් පස්වරු 01.00 පමණ වන විට යළිත් සක්‍රිය තත්ත්වයට ගැනීමට එම දෙපාර්තමේන්තු නිලධාරීන් සමත්ව ඇත.
මෙම පරිගණක පද්ධතිය කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ සහ පිටත්වීමේ පර්යන්ත ක්‍රියාත්මක වෙමින් පවතින අතර ඒවා ඊයේ (08) මෙන්ම අද (09) දිනයේ දී ද හදිසියේ අක්‍රීයව ඇත.
මෙම තත්ත්වය හමුවේ ගුවන් මගීන් මහත් අපහසුතාවයට ලක්ව ඇත.
කෙසේ නමුත් මෙම ත්ත්වය පාලනය කිරීම සඳහා එම නිලධාරීන් සිය රාජකාරී කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරන ලදී.