කටු ඔටුන්නක් පැළඳි දේශබන්දුට නොතේරුණු, ඔහු ජනතාවට කල වරද. එය ජනපතිටත් පොදුය.

නව පොලිස්පති ලෙස වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා රාජකාරි බාරගනිමින් ප්‍රකාශ කලේ තමන් තරම් නින්දා අපහාස සහ පහරකෑම්වලට ලක් වූ තවත් පොලිස් නිලධාරියෙකු නැති තරම් බවයි. ඔහු තරම් එවැනි කටයුතු වලට ලක් වූ පොලිස් නිලධාරියෙකු නොමැති බව අප මීට මාස තුනකට පමණ වාර්තා කරන ලද අතර ඒ සියල්ලම විඳ දරාගනිමත් දැවැන්ත ශක්තියක් බවද අප එහිදී වාර්තා කරන ලද්දේ සියල්ලේම හොඳ සහ නරක පෙන්වා දෙමිනි. එසේම ඔහු පොලිස්පතිවරයා ලෙස පත් වුවහොත් කටයුතු කල යුත්තේ කෙසේද යන්නද අප ඉතාම පැහැදිලිවම පෙන්වා දි තිබෙන අතර. ඔහු මෙතෙක් කරගෙන ආ ක්‍රමය වෙනස් විය යුතු බවද අප පෙන්වා දෙන ලද්දේ, එසේ නොවුනහොත් ඔහුට අත්වන ඉරණම ද පෙන්වා දෙමිනි.

කෙසේ වෙතත් ඔහුට මෙතරම් ජනතා අප්‍රසාධයක් ලැබීමට හේතුව වන්නේ මහජන අරගලයට පහර දීම බව ඔහු අමතක නොකළ යුතුය. ඔහු එහිදී විවිධ දේශපාලන වුවමනාවන් අනුව කටයුතු කල බව එකල පැහැදිලිවම දැකීමට හැකි විය. නමුත් ඔහු ඒ සියල්ල ඔහු ප්‍රතික්ෂේප කලත්, මැයි 9 වැනිදා සිද්ධියට ප්‍රධානතම වගකිව යුතු පොලිස් නිලධාරියා බව අප එම කාලයේම පෙන්වා දුන්නේ, සාක්ෂි සහිතවමය. එය අප පමණක් නොව සමස්ත ප්‍රජාවක්ම දුටු, ක්‍රියාවලියකි. මියගිය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සමග ඔහු ගමන් කරන ආකාරය ඉතාම මැනවින් අපද දුටු අතර, ඒවා නැවත්වීම සඳහා ඔහු කටයුතු නොකළ බව, මහජනතාවට වඩා ඔහුගේ හෘදය සාක්ෂි දරති. එබැවින් නව පොලිස්පතිවරයා ප්‍රථමව කල යුත්තේ තමන් පිළිබඳව තමන්ම ප්‍රථමව කිරා බැලීමයි. පවතී මහජන අරගලය යනු ජේ.වී.පි. හෝ පෙරටුගාමින්ගේ අරගලයක් ලෙස වරඳවා වටහාගැනීමකි. එහි වරද, නම් සියල්ලෝම දෙශ්පාලනික දෑසින් පමණක් දැකීමයි. බිම් මට්ටම ඔවුන් දැක්කේ නැත. මේ වන විටත් දේශපාලන පක්ෂ සමග එකතුව සිටින්නේ මෙරට ඡන්ද දායකයන්ගෙන් 27 % ක් පමණ වේ. අනෙක් 73% ම කිසිදු තීරණයක් තවමත් ගෙන නැත. ඒ සියල්ලෝම පැවතී මහජන අරගලය සිතින් වැලඳගෙන සිටි නව රටක් ඉල්ලු උදවියයි. එය නිසි ලෙස වටහාගැනීමට දේශබන්ධු තෙන්නකෝන් හෝ දේශපාලනය බදාගෙන සිටින අප දන්නා කිසිදු බලවතෙකු සමත්ව නැත.

එසේම ටිරාන් අලස් මහතා හෝ දේශබන්ධු තෙන්නකෝන් මහතා සිතා සිටින ආකාරයට ඔවුන්ට මහජන විරෝදය එල්ලව තිබෙන්නේ කුඩු හෝ පාතාලය මර්ධන මෙහෙයුම් නිසා නොව, 2022 මැයි මස 9 වැනිදා සිට සිදු වූ සිදුවීම් ජාලයේදි ඔහුගේ හැසිරීම දේශපාලනික වීමයි. විශේෂයෙන්ම රාජපක්ෂවාදියෙකු ලෙස ප්‍රචලිතවීමත් සමගම මෙම ඉරණම ඔහුට අත් විය. ඔවුන් දෙදෙනාටම තිබෙන්නේ එම විරෝදයේ තවත් කොටසකි. ඒවා නිසි ලෙස තේරුම් ගත්තේ නම් මෙවැනි ඉරණමක් අත් නොවන අතර, ඉදිරිය වුවත් ලෙහෙසි නොවනු ඇත. එය තේරුම් ගත යුත්තේ සම්බුද්ධිකවය. කෙසේ නමුත් ඔහුගේ “යුක්තියේ” මෙහෙයුමද අඩු පාඩුද අප මීට පෙර පෙන්වා දි තිබේ. අප පෙන්වා දි තිබෙන අඩු පාඩුද, ඔහුගේ අප්‍රසාදයට තවත් හේතු විය.

එසේම එසේ තමන් කවුද යන්න නිසි ලෙසම හඳුනාගෙන, හරි වැරැද්ද හඳුනාගෙන, ඒවායින් පරිස්සම් වී නව රාජකාරි ජිවිතය පවත්වාගෙන යාමට නව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අපොහොසත් වුවහොත්, ඔහුටද අත්වන ඉරණම පුජිත ජයසුන්දර මහතාට අත් වූ ඉරණමට වඩා වෙනස් වූ ඉරණමකි. එය බුද්ධිමත්ව වුවහොත් හඳුනාගත හැකි නමුත් ඔහු මෙතෙක් පවත්වාගෙන ආ ක්‍රමය තුලින් කිසිදා එම අනතුර හඳුනාගත නොහැකි වනු ඇත. වර්තමානය වන විට වෙනස්ව තිබෙන භුගෝලිය සාධක අතීත අත් දැකීම් වලින් මැනිය නොහැක. එය මනාව වටහා ගැනීම දේශබන්ධු තෙන්නකෝන් මහතා විසින්ම කරගත යුතු අතර බලය තාවකාලික බවත්, බලයෙන් ඉවත ගිය පසු හෝ දේශපාලන වෙනස්කම් වලදී මුහුණ දීමටත් අවශ්‍ය පරිසරය නිර්මාණය කරගත යුතු බවද අප පෙන්වා දෙන්නේ, මෙම තනතුර දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ පෞද්ගලික බුදලයක් නොව, එය මහජන බුදලයක් බැවිනි. පොලිස්පති හෝ එම සේවයේ කඩා වැටීම යනු , එය මහජන කඩා වැටීමකි. මේ වන විටත් පොලිස් සේවය යනු මහජන අප්‍රසාදීතත්වයේ ඉහළින්ම තිබෙන ආයතනයයි. එය වෙනස් කිරීම කෙසේ කල යුත්තේද යන්න ශ්‍රී ලංකාවේ එදා මෙදා තුර සිටි ජනාධිපතිවරුන්ට, පොලිස් ඇමතිවරුන්ට හෝ ජනාධිපතිවරුන්ට නොහැකි විය. එපමණක්ද නොව අවශ්‍ය යෝජනා ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තුවේ සිටි මහජන නියෝජිතයන්ටද නොහැකි විය. එසේ වුයේ නම් දේශබන්ධු තෙන්නකෝන් මහතා අපකීර්තිමත් පොලිස් නිලධාරියෙකු බවට පත්වන්නේ ද නැත. එහි වරද දේශබන්ධු තෙන්නකොන් මහතාගේ නොව අතීතයේ සිටි පාලකයන්ගේය.

එසේම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාටද ජනතා ආකර්ෂණය නොමැත්තේ ඔහු ජනාධිපති ලෙස පත් වූ පසුව ගාලු මුවදොර අරගල භූමියට පහර දීමයි. එය නොකරන ලෙස අප එම කාලයේම වාර්තා කරන ලද්දේ, ඔහු ජනාධිපතිවරයා බවට පත්වන විට සමස්ත ජනතාවගෙන් 90% කටත් වඩා ඔහුට ආශිර්වාද කල බැවිනි. එසේම පහර දීමක් සිදු වුවහොත් එය නැවත කිසිදිනක සැකසීම ලෙහෙසි නොවන බවද අප පෙන්වා දි තිබේ. එය මේ වන විටත් ඒ ආකාරයෙන්ම සිදුව තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මාහතාට තම බලය රැකගැනීම වෙනුවෙන් දැවැන්ත පෙරලියක් සිදුකිරීමට සිදුව තිබේ. ඒ කෙසේ කලත් අහිමි ජනමතය නැවත ලබා ගැනීමට හැකි කිසිඳු ක්‍රියාවලියක් හදුනාගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෝ ඔහුගේ හිෛශීන් හදුනාගෙන නැත.

එවන් පසුබිමක් ඇති ශ්‍රී ලංකාවේ නව පොලිස්පතිවරයා තම රාජකාරිය කල යුත්තේ කටු ඔටුන්නක් පැළදගෙන, ඉදිකටු සහිත පුටුවක වැඩි වී සිටින බව මතකයේ තබාගෙනය. ඔහු සිදුකරන බව ප්‍රකාශකරන ලද සියලුම දේ සිදුකිරීමට ඔහුට සිදුවනු ඇති අතර, එසේ නොමැති වූ විට, ඔහු වෙනුවෙන් පෙනී සිටි භික්ෂුන් මෙන්ම අනෙකුත් උදවියටද සිදුවන්නේ තම ඔලු ගෙඩි කළු ගල්වල ගසා ගැනීමටය. ඒවා එසේ නොවී තම තම රාජකාරියේ මෙතෙක් පැමිණි ලෙස නොව, නව පිටුවකින් ආරම්භය ගෙන, තම කටයුතු නීතියට අනුව පමණක් කිරීමට අවශ්‍ය බුද්ධිය පහල වේවා යන්නද අප සැබවින්ම සුභ පැතුම් ගෙන එන අතර, ඔහුගේ වැරදි විවේචනය කිරීමත්, හරි දේ හරි ලෙස ලිවීමත් අප සුපුරුදු පරිදිම සිදුකරනු ඇත.

Exit mobile version