මෙරට විවාහක රූ රැජිණ වශයෙන් තේරීපත් පුෂ්පිකා ද සිල්වාට මේ වන විට එම කිරුළ අහිමිව ගොස් ඇත.
ඒ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර දැනගැනීම සඳහා මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සිය සමාජ මාධ්‍ය වැඩසටහනක් වෙත ලෝක විවාහක රූ රැජිණ තරඟාවලියේ ජාතික අධ්‍යක්ෂකවරයා වන චන්දිමාල් ජයසිංහ මහතාට පසුගිය දිනක ආරාධනා කර ඇති අයුරු අප දුටිමු.
එහිදී චන්දිමාල් ජයසිංහ මහතා සඳහන් කළේ පුෂ්පිකා සිය කිරුළ අහිමි කරගන්නේ ඇයගේ විවිධ පදනම් විරහිත ප්‍රකාශයන් හේතුවෙන් බවයි.
ඇය විටෙක රෝසි සේනානායක මහත්මියට විවිධාකාර වශයෙන් චෝදනා කරනු ලබයි.එමෙන්ම චන්දිමාල් ජයසිංහ මහතාට ද ඇයට අනුග්‍රාහකයින්ගෙන් ලැබුණු මුදල් වංචනික ලෙස ලබාගත් බවට චෝදනා එල්ල කරනු ලබයි.
අපට පනෙන අයුරින් ඇය ඉහළට නැඟීමට ඇයට රුකුල් දුන් ඉනි මගට ඇය පයින් ගැසුවා හා සමාන ක්‍රියාවක් මෙහි දී සිදුකර ඇත.
එනිසාම ඇය යළි ඇය සිටි ස්ථානයටම මේ වන විට ඇද වැටී ඇත.කාන්තවකගේ සුන්දරත්වයට ඇති වටිනාම ආභරණයක් වන්නේ ඇයගේ හැසිරීම කතාබහ.සුන්දර වීමට බාහිර පෙනුම පමණක් තිබූ පමණින් හැකියාවක් නොමැත.
කෙසේ නමුත් මෙහි දී විශේෂයෙන් අපගේ ද අවධානය යොමු වූ කරුණ වූයේ රෝසි සේනානායක මහත්මියට විරුද්ධව මඩ ගැසීම සඳහා යම් දේශපාලන හස්තයක් මගින් පුෂ්පිකාව මෙහෙයවන බවට චන්දිමාල් ජයසිංහ මහතා කරන ලද ප්‍රකාශයයි.
අදාළ වීඩියෝව පහතින්,