බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව විසින් කඨින පූජෝත්සවය පිළිබඳව කරුණු කිහිපයක් දැනුම්දෙමින් නිවේදනයක් නිකුත් කර ඇත.
මෙම වසරේදී ද සෞඛය මාර්ගෝපදේශයන්ට අනුගතව ඉතා සුළු සැදැහැවලුන් පිරිසකගේ සහභාගීත්වයෙන් යුක්තව කඨින පූජෝත්සවය සිදු කළ යුතු බවයි එහි සඳහන් වී ඇත්තේ.
එහි දී විශේෂයෙන් සඳහන්ව ඇත්තේ, කඨින චීවර රැගත් පෙරහැර සඳහා මෙම වසරේ දී ද අවසර ලබා දිය නොහැකි බවත්, කඨින චීවර පූජාව සහ දහවල් දානමය පිංකම සඳහා උපරිම වශයෙන් සැදැහැවතුන් 20 දෙනෙකු පමණක් සහභාගී කරගත යුතු බවත්, කඨිනානිසංස ධර්ම දේශනයේ දී ද උපරිම සැදැහැවතුන් 20 දෙනෙකු පමණක් සහභාගී කරගත යුතු බවත් ය.
මෙම කරුණු විශේෂයෙන් අවධාරණය කරමින් සෞඛ්‍ය මාර්ගෝපදේශයන් නිසි පරිදි පිළිපදිමින් මෙවරද කඨින පිංකම සිදුකළ යුතු බවයි බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව සඳහන් කළේ.