කඩවත පොලිස් ස්ථානාධිපති මිනි මැරුමක් යට යට ගැසෙන ලෙස පරීක්ෂණ කරලා. ළමා නිවාසයක පිරිමි ළමයෙකුත් ගසකින් වැටී මියයයි.

කඩවත , රංමුතුගල, නෙළුම්වැස්ස පදනමේ විමලවංශ ළමා නිවාසයේ බාල වයස්කාර පිරිමි ළමයෙකු ඊයේ 2023-01-01 දහවල් 1230ට පමණ ගස්කින් වැටී මියගොස් ඇති බවට සමාජ මාධ්‍යයේ සටහන් වේ. මෙම ළමයා ගසට නැග ඇත්තේ පාළකයින්ගේ උවමනාවකට බවත් , ළමයා පරෙවියන් අල්ලන්නට ගසට නැග වැටුණු බවට අසත්‍ය තොරතුරු වාර්තා කර මෙම මරණයේ වග කීමෙන් පාළකයින් ගැලවෙන්නට උත්සාහ කරනා බවටත් විවිධ තොරතරු සමාජ මාධ්‍යයේ තුල ලියවී තිබේ. 

ආර්.එම්.මධුසංඛ යන මෙම ළමයා දැනට වසර 7කට පමණ  පෙර අධිකරණය මගින් ළමා නිවාසයට භාර දී ඇති අතර ජනවාරි 01 දා ළමයා සෙල්ලම් කිරීමට අඩි 20ක් උසැති ගසකට නැගීමෙන් වැටී මිය ගොස් ඇත.  සමහර විට මේ , කාත් කවුරුත් , හවු හරණක් නොමැති අහිංසක විදී ළමයෙකුද  විය හැකිය. 

මෙම මරණයට හේතුව අදාළ ළමා නිවාසයේ පාළකයින්ගේ නොසැළකිල්ල බව පැහැදිලිය. පරෙයියන් ඇල්ලීම සඳහා හෝ ළමයෙකු ගස් නැග්ගේ නම් අනිවාර්යෙන්ම පාලකයන් වග කිව යුතුමය.  ළමා නිවාසයකත් , සාමන්‍ය නිවාසයකත් දඟ ළමයින් සිටී. එය ස්වභාවයයි.  නමුත් ළමයාට ආරක්ෂාව අදාළ වැඩිහිටියන් විසින් සළසා දිය යුතුය. වගකීම එම වැඩිහිටියන් අතය.  අඩි 20ක් උස ගසක මුදුනටම ළමයෙකු නැග්ගානම් , පාළන අධිකාරියෙ අවධානයය මේ ළමයා වෙත ලැබී නැති බව ඉතා  සරළවම  පැහැදිලිය.

කඩවත පොලීසියේ නව ස්ථානාධිපතිවරයා  පී. හෙට්ටිආරච්චි යන අය මීට පෙර රාගම පොලිස් ස්ථානයේ සිටියදී අවිවාහක වයෝවෘධ ජේෂ්ඨ පුරවැසි කාන්තාවකගේ සැක සහිත මරණය යට ගැසූ පුද්ගලයෙකු බවට පොලිස් කොමිෂම මගින් තීරණය කර තිබෙන ලියවිලි අප සතුව තිබේ.

එසේම අප සතුව තිබෙන සාක්ෂිවලට අනුව අධිකරණ නියෝගයකින් ගොඩ ගන්නා ලද ඇයගේ සිරුර කොහේ දැයි මේ වන තුරු කිසිවෙකුත් නොදන්නා බව අප සතු ලිඛිත සාක්ෂි සහ වීඩියෝ සාක්ෂි මගින් පෙනෙන්නට තිබේ. 

එසේම මෙම ස්තානාධිපතිවරයා මඩකළපුව ස්ථානාධිපතිවරයාව සිටින කාලයේදී පහරදි අත් අඩංගුවට ගන්නා ලද තරුණයෙකු පොලීසිය තුළදීම මරණයට පත් වූ බවද විවිධ වාර්තා පෙන්වා දෙයි.  එවැනි නිළධාරියෙකු ස්ථානාධිපතිවරයෙකුව සිටිනා පොලිස් ස්ථානයකින් සාධාරණ පරීක්ෂණ බලාපොරොත්තු විය නොහැකි බව දරුවා සම්බන්ධයෙන් කනගාටුවන පාර්ශ්වයන් පෙන්වා දෙයි.

එසේම, පොලිස් පරීක්ෂණ නිසි ලෙස ක්‍රියාත්මක නොවන බටද අවශ්‍ය සාක්ෂි අප වෙත ලැබී තිබේ. පොලිස් ආරංචිමාර්ග හරහා අපට ලැබී තිබෙන හඬපටවලට අනුව පෙනී යන්නේ මෙම ළමා නිවාසයේ හිටපු පාලිකාවක් විසින් වර්තමාන පාලනයට විරුද්ධව විවිධ කුමන්ත්‍රණ කරන බැවින් මෙහිදී එවැනි දෙයක් සිදුව නැති බවය. කෙසේ නමුත් අධිකරණයක් හරහා ලබා දී තිබෙන දරුවෙකු ආරක්ෂා කිරීමට එම පාලනාධිකාරිය අසමත් බැවින් මේ මරණය සදහා ඔවුන් වගකිව යුතුය. එබැවින් කඩවත පොලිස් ස්ථානාධිපතිවරයා සිදුකල යුත්තේ, සත්‍ය, අසත්‍ය කුමක් වුවත් ඔවුන්ගේ වගකීම් විරහිත භාවයට එරෙහිව නඩු පැවරීමය. ඒ සදහා අවශ්‍ය ප්‍රතිපාධන නීතියේ පැහැදිලිවම සදහන්ව තිබේ.    

Exit mobile version