කඩුගන්නාව නුවර මාර්ගය විවෘත කිරීම කල්යයි

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ 98 වන කිලෝමීටරයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයේ මාර්ගයට පස් කන්දක් කඩා වැටීම සිද්ධියක් පසුගිය දින වාර්තා විය.

මේ වන විට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සහ මාර්ග සංවර්ධන අධිකාරිය එක්ව ක්ෂේත්‍ර පරීක්ෂාවක් සිදුකර මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සදහා අවශ්‍ය පියවර ගනිමින් සිටින අතර තවදුරටත් පවත්නා අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙම ප්‍රදේශය 2021.11.12 වන හෙට දිනයේ පෙ.ව.09.00 දක්වා වසා තැබීමට තීරණය කර ඇත.

මේ හේතුවෙන් සිදුවන මාර්ග අවහිරතාවය වළක්වා ගැනීම සදහා රථවාහන ගමනාගමනයට විකල්ප මාර්ග භාවිත කරන ලෙස ශ්‍රී ලංකා පොලිසිය සහ මාර්ග සංවර්ධන අධිකාරිය විසින් උපදෙස් ලබා දි ඇත.

එමෙන් ම පවත්නා අයහපත් කාලගුණ තත්ත්වය මත මාර්ගය භාවිත කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය මාර්ගෝපදේශයන් ලබා දීමට කටයුතු කරන බවත්, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයෙහි උපදෙස් අනුව මාර්ගයෙහි ආරක්ෂාව තවදුරටත් තහවුරු කර ගැනීමට අවශ්‍ය කරන ස්ථිර විසදුම් ක්‍රියාත්මක කිරීම සදහා අවශ්‍ය වන පියවර ද ඉදිරියේ දී ගන්නා බව අධ්‍යක්ෂ ජනරාල්වරයා දන්වා ඇත.

01.අඹේපුස්සට හරහා කුරුණෑගලට පැමිණ ගලගෙදර කටුගස්තොට හරහා මහනුවර‍.

02.කෑගල්ල සිට පොල්ගහවෙලට පැමිණ කුරුණෑගල ඉන් අනතුරුව ගලගෙදර කටුගස්තොට හරහා මහනුවර

03.මාවනැල්ල සිට රඹුක්කන – හතරලියැද්ද – ගලගෙදර කටුගස්තොට හරහා මහනුවර

04.මාවනැල්ල සිට හෙම්මාතගමට පැමිණ ගම්පොළ – පේරාදෙණිය මහනුවර

මහනුවර සිට කොළඹට පැමිණෙන රථවාහන සදහා,‍

01.කටුගස්තොට ගලගෙදර සිට කුරුණෑගලට පැමිණ කොළඹ දක්වා

02.කටුගස්තොට – ගලගෙදර -රඹුක්කනට පැමිණ කොළඹ නුවර ප්‍රධාන මාර්ගයට පැමිණ කොළඹ

Exit mobile version