අද පාර්ලිමේන්තුව අසලදී බලෙන් අත් අඩංගුවට ගත්බැව් පැවසෙන විරෝධතාවයේ දී සිටි යෞවනයන් 13 දෙනාට ඇප ලබා දී තිබේ. ඔවුන් වෙනුවෙන් නීතිඥවරුන් විශාල ප්‍රමාණයක් නොමිලේම පෙනී සිට ඇති අතාර් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 119 වැනි වගන්තිය ( යම් නීත්‍යානුකූල බලයක් පාවිච්චි කිරීම, බලකිරීම හෝ වැලැක්වීමේ අදහසින් අග්‍රාණ්ඩුකාරතුමා ආදීන්ට පහරදීම – ආදී ලෙස විස්තර කර තිබේ ) යටතේ ඉදිරිපත් කර තිබේ.
ඔවුන් වෙනුවෙන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා මහේස්ත්‍රාත් නිල මැදිරියේදී ප්‍රකාශ කර තිබෙන්නේ විශ්වාසභංගය පිළිබඳව කතානායකවරයාට ලිපියක් භාර දීමට ගිය පිරිස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බවත් එය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් බවත්ය.
සැකරුවන් සියලුම දෙනා මහරගම පොලිසියේ රඳවා පොලිස් නිලධාරීන් පමණක් ගොස් මෙසේ කරුණු දැක්වීමෙන් අනතුරුව ඔවුන්ට ඇප ලැබී තිබේ. සියලුම නීතිවේදීන් ගාස්තු අය කිරීමකින් තොරවම පෙනී සිට තිබේ.