කඩුවෙල මහා නගර සභාවට අයත් ලොරි රථ 2ක් මගින් කඩුවෙල මහා නගර සභාවට අයත් වැදගත් ලිපි ලේඛන රැසක් ගැමුණුපුර කොතලාවල ආදානාගාරයට ගෙනවිත් ගිනි තබා විනාශ කොට ඇති බව වාර්තා වේ.
ඉකුත් පළමුවැනිදා මහා සභා රැස්වීමක් පැවැත්වුණු අතර එහිදී මේ බව දැනුම් නොදුන් බවත් සභා අනුමැතියකින් තොරව සහ රාජ්ය ආයතනයක නීති රීති වලට පටහැනිව ආයතනික දේපළ විනාශ කළ බවත් කඩුවෙල මහා නගර සභාවේ මන්ත්රීවරයෙකු වන අසිත නිරෝෂන් ප්රකාශ කරන ලදී .