පිටකොටුව බැස්ටියන් මාවතේ අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කිරීමට පොලීසිය අද (19) එහි ගොස් තිබුණද ආණ්ඩුකාරවරයාගේ නියෝගය මත අදාළ පොලිස් කණ්ඩායම ආපසු හැරී ගිය බව වාර්තා වෙයි.
පොලීසිය පැමිණ තිබුණේ බැකෝ යන්ත්ර සහ ට්රැක්ටර් රථද සමගිනි.
ඉන් අනතුරුව එම ස්ථානයට බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ නියෝජිතයෙකු පැමිණ කඩ ඉවත් කිරීම තාවකාලිකව නතර කරන ලෙස ඉල්ලා සිටි තිබුණි.
පොලීසිය එම ස්ථානයෙන් ඉවත්වී තිබුණේ ඒ අනුව ය.
මෙහිදී අදහස් දැක්වූ පිරිස් සඳහන් කළේ,
“අරක්කු බෝතලයෙන් බද්ද එකතු කරගන්න බැරි නිලධාරීන් පාන් රාත්තලෙන් හාල් කිලෝ එකෙන් බදු ගෙවන ජනතාවගේ කඩ කෑල්ල ඉවත් කරන්න එනවා. ඇත්තටම කියන්න කනගාටුයි”
“මම ජීවත් වුණේ මෙතන. මට ඉන්න තැනක් නැහැ. ඔව් ඔව් දැන් පටවගෙන අරගෙන යනවා. අනේ මේවා අරගෙන යන්න එපා.”