කණ්ඩායම් හැඟීමේ ප්‍රබලත්වය.

දැල්පන්දු ආසියානු ශූරතාවය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (12) රාත්‍රියේ දිවයිනට පැමිණෙන ලදී.

ඔවුන් සිංගප්පූරුවේ පැවති ආසියානු දැල්පන්දු ශූරතා තරඟාවලියේ අවසන් තරඟයේ දී සිංගප්පූරු කණ්ඩායම පරදවමින් ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

ඔවුන් පිළිගැනීම සඳහා ගුවන්තොටුපොළ පරිශ්‍රයේ විශේෂ උත්සවක් ද සංවිධානය කර තිබුණි.

එම උත්සවය සඳහා එක්වෙමින් ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායමේ නායිකා, ගයන්ජලී අමරවංස පවසා සිටියේ මෙම ජයග්‍රහණයට කණ්ඩායමේ සියලු දෙනාගේ එකමුතුව හේතුවක් වූ බවයි.

කණ්ඩායම් හැඟීමෙන් යුතුව එකා මෙන් මුහුණ දෙනු ලබන ඕනෑම අභියෝගයකින් සාර්ථක ලෙස ජය ගැනීමේ හැකියාව ඇති බවට මෙම  ආසියානු ජයග්‍රහණ කදිම උදාහරණයකි.

Exit mobile version