කණුවක් හිසමතට වැටී දරුවෙකු මරුට.

දොඹගහවෙල මහරාවේ නිවසක වැරන්ඩාවේ සිටුවා තිබූ කොන්ක්‍රීට් කණුවක් හිසමතට වැටී දස හැවිරිදි පාසල් දරුවකු මියගොස් ඇතැයි පොලීසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ අම්බලන්තොට රිදීගම පදිංචි එම්.ඒ වෙනුර චින්තක (10) නැමති පාසල් ශිෂ්‍යයෙකි.

මෙම ළමයා සිය පියා සමඟ පියාගේ ගම වන දොඹගහවෙල ඌරුගොඩ ගම්මානයට පැමිණ ඇති අතර ළමයා මහරාව හංදිය ප්‍රදේශයේ පදිංචි ළමයාගේ නැන්දාගේ නිවසේ නතරකොට පියා අසල පිහිටි ගරාජයකට ගොස් ඇත.

එහිදී නැන්දාගේ ළමයා සමඟ මල්වර මංගල්‍යයක් පවතින ගමේ ඥාති නිවසකට ගොස් ඇත්තේ උදව්කිරීම සඳහාය.

ළමයා එම නිවසේ වැරන්ඩාවේ සිටුවා තිබූ කොන්ක්‍රීට් කණු දෙකක් අතර ඔන්චිල්ලාවක් ආකාරයෙන් බැඳි තංගුස් දැලක වාඩිවී තවත් ළමයින් කිහිපදෙනකු සමඟ එය පදිමින් සිටියදී එකවරම එක් කොන්ක්‍රීට් කණුවක් ගැලවී දරුවාගේ හිස මතට වැටී තිබේ.

Exit mobile version