තාත්තාගෙන් – පුතාට, පුතාගෙන් – පුතාට ලෙස ප්‍රාදේශීය ලේඛම්වරුන්ට ලක්ෂ ගණන් අල්ලස් ලබා දෙමින් පත් වු බස්නායක නිලමේවරුන් නිසා බදුල්ල, හල්දුම්මුල්ල, සොරගුණේ පිහිටි පුරාණ කතරගම දේවාලයේ පාලකයන් වංචා, දුෂණ මෙන්ම අක්‍රමිකතා යහමින් කරගෙන ගොස් තිබුනේ එය ඔවුන්ගේ රැකියාව බවට පත්කර ගනිමිනි. අල්ලස් ගත් බදුල්ලේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්ට එම පාපය අඩුවකින් තොරව ශාපයක් ලෙස ලැබෙන බව අප මීට පෙර පලකර තිබෙන සියලුම පුවත් කියවන්නේ නම් වටහා ගතහැකිය.
කෙසේ නමුත් පරපුරෙන් පරපුරට පැමිණි එම දේවාලයේ වර්තමාන බස්නායක නිලමේවරයාව සිටි කලුපහන මහතාගේ වැඩ තහනම් කල අතර අද (16) ඔහුගේ පරීක්ෂණ අවසන් වන තෙක් නව බස්නායක නිලමේවරයෙක් පත් කර තිබේ.
හිටපු දියවඩන නිලමේවරුන් කිහිප දෙනෙකු වන නුගවෙල පරපුරේ වර්ථමාන මුණුපුරෙකු සහ නුගවෙල සමුහ ව්‍යාපාරයෙහි අධිපති වන චරිත නුගවෙල මහතා මෙසේ පත්කර තිබෙන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිර්දේශ මත බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා විසිනි.
එසේම මෙම පත්වීමට අනුව දේවාලය බාරගැනීමට ප්‍රථම නාමාවලි ගතකර තිබෙන දේවාලයට අයත් සියලුම පැරණි භාණ්ඩ ඇතුලු සියල්ලම විගණනයකට ලක් කිරීමට ඔහුට සිදුවනු ඇත. එසේ නොමැතිව බාරගත හොත් දේවාලයේ අතුරුදහන්ව ඇති සියලුම භාණ්ඩ සහ දේපලවල වගකීම ඔහුට භාරගැනීමට සිදුවනු ඇත. මෙම පත්වීම තාවකාලිකව මාස කිහිපයකට දී ඇති පත්වීමකි. එසේම මෙය ස්ථීර වීමට නම් ඉදිරියේ පැවැත්වීමට නියමිත නිලවරණයේදී ජයග්‍රහණය කල යුතුව තිබේ. එසේම ඒ වෙනුවෙන් ලක්ෂ ගණන් අත යට අල්ලස් ගැනීමට බදුල්ලේ ප්‍රාදේශීය ලේඛම්වරු දැනටමත් පිඹුරුපත් සකසමින් සිටී. එබැවින් මෙම කෙටිපත්වීම තුලදි ඔහු කල යුත්තේ අදාල පරීක්ෂණ විදිමත්ව පැවැත්වීමට අවශ්‍ය සහාය ලබා දී නිලවරණයෙන් ජයග්‍රහණය ලබා අනාගත සැලසුම් සැකසීමය.
පෙර පලකල සියලුම පුවත් පහත සබැදිය තුල එකින් එක සම්බන්ධ කර තිබේ.
රාවණාගේ කොඩිය අතුරුදහන්!.පොලිසියට චෝදනාවක්!. බස්නායක නිළමේ හෙට රට පැනීමට සූදානම්!
https://www.ravanalankanews.lk/%e0%b6%bb%e0%b7%8f%e0%b7%80%e0%b6%ab%e0%b7%8f%e0%b6%9c%e0%b7%9a-%e0%b6%9a%e0%b7%9c%e0%b6%a9%e0%b7%92%e0%b6%ba-%e0%b6%85%e0%b6%ad%e0%b7%94%e0%b6%bb%e0%b7%94%e0%b6%af%e0%b7%84%e0%b6%b1%e0%b7%8a/