දීර්ඝකාලයක් තිස්සේ කතරගම ප්‍රාදේශීය සභාවේ උප සභාපතිට, එහි හිටපු සභාපතිගෙන් මරණීය තර්ජන එල්ලවෙමින් පවතින අතර සභාපතිගෙන් සිදුවන හිරිහැර පිලිබව අවස්ථා කිහිපයක ප්‍රධාන මාධ්‍ය ගණනාවකම වාර්තා කරන ලදී.
මේ ආරවුලට ප්‍රධානතම හේතුව ලෙස සදහන් වන්නේ කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපතිගේ වංචා දූෂණ නිසා, එහි උපසභාපති ඇතුළු පොදුජන පෙරමුණේම මන්ත්‍රීවරු විසින් සභාවේ අය වැය පරාද කිරීමයි.
කතරගම ප්‍රාදේශීය සභාවේ සභපති වන පී. ජී චානක අමිල් රංගන මහතා විසින් එහි උප සභාපති වන ඩී වී ශාන්ත මහතා හට දීර්ඝ කාලයක් තිස්සේ පහර දීම් සහ තර්ජනය කිරීම් සිදු කර තිබේ. ආසන්නතම සිද්දිය වන්නේ පසුගිය දා චානක අමිල් විසින් ඩී වී ශාන්ත වෙත මාරාන්තික ප්‍රහාරයක් එල්ල කිරීමයි. එම ප්‍රහාරයෙන් බරපතල තත්වයෙන් ඔහු තවමත් රෝහල් ගතව ප්‍රතිකාර ලබයි.
ඒ අතර අදාළ සභාපතිවරයාද රෝහල්ගතව සිට මේ වන විට බන්ධනාගාර ආරක්ෂාව යටතේ සිටින බවද වාර්තා වේ. කෙසේ වෙතත් දීර්ඝ කාලයක් තිස්සේ මෙම උප සභාපතිවරයා සභාපතිගේ පහරකෑම් විද දරාගෙන තිබෙන බව අප වෙත ලැබී තිබෙන විවිද ජයාරූප සහ වීඩියෝ මෙන්ම CCTV දර්ශන වලින් මනාව පැහැදිලි වේ.
කරුණු කෙසේ වුවත් , කුමන අකාරයකින් බලපොරයක් තිබුනත් කිසිම මිනිසෙකුට පහර දීමට නීතියෙන් අවසර නැති වුවත්, කතරගම පොලිසිය මේ කටයුත්ත යට ගැසීමට කටයුතු කරන බවට චෝදනා එල්ල වේ.
අප මේ පිලිබදව විමසීම සදහා පොලිස් ස්ථානාධිපති කතරගම සම්බන්ධ කර ගත්තත් ඔහු උද්ඝෝෂණයක සිටින බව පසුබිමෙන් ඇසුන බැවින් පහරදීම පිලිබදව අධිකරණ කටයුතු වල තත්වය මෙන්ම පොලිසියේ කටයුතු සිදු වුයේ කෙසේදැයි යන්න කතරගම පොලිස් ස්තානාධිපතිගේ අදහස නිවැරදිව ලබා ගැනීමට නොහැකි විය.
කෙසේ වෙතත් මෙසේ මිනිසෙකු මරා දැමීමට කටයුතු කරන ප්‍රාදේශීය සභාවේ සභාපතිගේ බිරිද පොලිස් නිලධාරිනියක් බවත්, ඇයද සේවයේ කරන්නේ කතරගම පොලිසියේම බවද, එබැවින් නීතිය ක්‍රියාත්මක නොවන බවටද චෝදනා එල්ල වේ.
සිද්ධිය පිලිබදව සම්පූර්ණ විස්තරයක් ඉදිරියේදී බලාපොරොත්තුවන්න.