කථානායකටත් කොවිඩ් ආසාදනය වේ

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට කොවිඩ් ආසාදනය වී ඇති බව වාර්තා වේ.

කථානායකවරයාට උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් සිදුකරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකින්  කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇති බව සඳහන් වේ.

ඒ අනුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේ සිය නිල නිවසේ සේවකයින් කිහිපදෙනෙකුට ද කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බවයි.

Exit mobile version