ශ්රී ලංකා පාර්ලිමේන්තුවේ ආණ්ඩුපක්ෂයේ මෙන්ම අනෙකුත් පක්ෂ වල සමහර මන්ත්රීවරුන්ගේ මෑත කාලයේ තිබු කුහක ආත්මාර්ථකාමී ගති හේතුවෙන් අන්තිමේදී ජනතාව නීතියට අතට ගන්න ලදී. ජනතාව තමන්ගේ නියෝජිතයන් පාර්ලිමේන්තුවට යොමුකරන්නේ තමන්ගේ ජීවිත මෙන්ම තම අනාගත පරපුරේ ජීවිතද සුඛිත මුඛිත කිරීමටයි.
රටට මෙවැනි තත්වයක් සිදුවන බව කතානායකවරයා මහින්ද යාපා අබේවර්ධන මහතා ඉතාම සැලසුම්සහගත ලෙස පාර්ලිමේන්තුව ලබන 17 වැනිදා දක්වා කල් තැබුවේද යන්නද ජනතාව සැක මතු කරයි. පාර්ලිමේන්තුව අවසන් වරට රැස් වූ පසු ගිය දින ගත යුතු ක්රියාමාර්ග නොගැනීමෙන් මේ දැවැන්ත අපරාදය සිදු විය. තව දුරටත් එසේ කටයුතු සිදුවීමෙන් තව දුරටත් හානි සිදුවනු ඇත. එබැවින් මේ විශේෂ අවස්ථාවේ පාර්ලිමේන්තුව කැඳවා නිසි තීරණ ගත යුතුය.
කෙසේ වුවත් මන්ත්රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු වන තෙක් පාර්ලිමේන්තුව කැඳවන්නේ නැති බව කතානායකවරයා ප්රකාශ කර තිබුණි. නමුත් අද පස්වරුවේ පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබේ. ඉන් අනතුරුව හෙට දිනයේ බොහෝ විට පාර්ලිමේන්තුව රැස් වීමට වඩාත්ම ඉඩකඩ සැලසෙනු ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.
කෙසේ හෝ ඉක්මනිනේ පාර්ලිමේන්තුව කැඳවා ගත යුතු ක්රියාමාර්ග නොගතහොත් දැනට සමක්මි වෙමින් පවතින රට දිගින් දිගටම ප්රචණ්ඩ වෙමින් භිෂණයක් කරා රට යොමු වනු ඇත.
ප්රශ්නය සිදුවීමට පෙර කතානායකවරයා රට ගැන හිතන අයුරු