පොළොන්නරුව කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දෙපිරිසක් අතර ගැටුමක් ඇතිවී තිබෙන බව වාර්තා වේ.
ගැටුම හේතුවෙන් තුවාල ලැබූ එහි රැඳවියන් පිරිසක් සහ සෙබළෙකු ප්‍රතිකාර සඳහා රෝහල්ගතකර ඇති බව සදහන්.
මේ අතර අද (04) අලුයම පළාගිය රැඳවියන් පිරිසක් විසින් සෝමාවතිය වන්දනාවේ පැමිණි බස් රථයක් පැහැරගැනීමට උත්සාහ දැරීම සහ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් පනස් දහසක මුදලක් සහ ජංගම දුරකථන දෙකක් පැහැරගෙන ගොස් ඇති බව වාර්තාවෙයි.
මෙම සිදුවීම්වලට සම්බන්ධ බවට සැකපිට රැඳවියන් 34 දෙනෙකු මේ වනවිට වැලිකන්ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් හෙට අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර මේ වනවිට තත්ත්වය පාලනය කර ඇති බව වැලිකන්ද පොලීසිය පවසයි.
මීට පෙර ද අවස්ථා කිහිපයකදීම කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ගැටුම් ඇතිවූ බව ආහාර ගැටළු සහ විවිධ ගැටළු මුල්කරගනිමින් එහි නිරන්තරයෙන් ගැටුම් ඇතිවන බව වාර්තාවෙයි.