කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වශයෙන් යොදාගත් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය යළි පුනරුත්තාපන මධ්‍යස්ථානයක් වශයෙන් භාවිත කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් සිටියි.
වසරකට අධික කාලයක් මෙම කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානය කොවිඩ් නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස භාවිත කළ බවයි පුනරුත්තාපන කොමසාරිස් ජෙනරාල්, මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ.
මේ වන විට පුනරුත්තාපන මධ්‍යස්ථානයේ කටයුතු ආරම්භ කර ඇති අතර එහි 1000 දෙනෙකු පමණ එකවර පුනරුත්තාපනය කිරීමේ හැකියාව පවතින බවත් මෙහි දී පුනරුත්තාපන කොමසාරිස් ජෙනරාල්, මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කර ඇත.
එමෙන් ම මෙරට තුළ පුනරුත්තාපන ක්‍රියාවලිය තවදුරටත් පුළුල් කරමින් කාන්තාවන් ද පුනරුත්තාපනය කිරිම සඳහා අවශ්‍ය කටයුතු ද ආරම්භ කර ඇති බව එම මහතා සඳහන් කර ඇත.