ගුවන් හමුදාවේ 3 ක් සහ යුධ හමුදාවේ 1 ක් රැඳවියාගේ මියයෑමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියෙකු මියයෑමේ සිද්ධියට අදාළව සැකපිට එම මධ්‍යස්ථානයේ සේවයේ නිරතව සිටි හමුදා නිලධාරීන් හතරදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ (01) දිනයේ දී යුද හමුදාවේ සහ ගුවන් හමුදාවේ නිලධාරීන් හතරදෙනෙකු මෙසේ අත්අඩංගුවට ගත් බවයි වැලිකන්ද පොලිසිය සඳහන් කළේ.

මෙම නිලධාරීන් විසින් රැඳවියන්ට අමානුෂික ලෙස පහර දුන් බවට සැක කෙරෙන උණ පතුරු සහ විදුලි රැහැන් කිහිපයක් ද එම මධ්‍යස්ථානයේ තිබී පොලිස් භාරයට ගෙන තිබේ.

Exit mobile version