කන්ද උඩරට ඉතිහාසය වැනසීමට ඉඩ හරින පුරවැසියෝ….!!!! පුරා විද්‍යාඥයෝ නිදිද?

උසින් මීටර් 1514 පමණ වූ මහනුවර දිසාවේ පන්විල, හුන්නස්ගිරිය  යන ප්‍රදේශ ඇසුරු කරගෙන නකල්ස් රක්ෂිතයේ “ Campbell’s Lane Foreset Reserve” නමැති රජයේ ඉඩමේ ඓතිහාසික රජමාලිගයක යැයි සැලකෙන ඉදිකිරීමක නටබුන් දක්නට ලැබේ. දින දින වැනසෙන මෙම  ඓතිහාසික උරුමය ශ්‍රී ලාංකිකයන්ගේ අතීත  ශක්තීන් මැනවින් විදහාපාන , ජාතියක දේශමාමකත්වය ඇති කරන අරුම පුදුම නිර්මාණයක් වන බව කදු මුදුනේ  ඇති නැගීමට පවා අපහසු සෘජු භාවය  දෙස බැලීමේදී සිතා ගත හැකිය.  එහෙත් මෙම ඓතිහාසික උරුමය සුරකෂා කර අනාගත පරපුර වෙනුවෙන් දායාද කිරීමට කන්ද උඩ රට වැසියන් හෝ  වගකිව යුතු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හෝ කටයුතු නොකිරීම කනගාටුවට කරුණකි. කන්ද උඩරට සමහර වැසියන් මෙම ස්ථානය සුරක්ෂා කරනවා වෙනුවට, එම ස්ථානයේ ඇති වටිනා සම්පත් විනාස කර තිබෙන අතර එම ස්ථානය  මේ වනවිට නිධන් සොරුන්ගේ පාරාදීසයක්ව තිබේ.  අඩුම තරමින් පුරාවිද්‍යාවට අයත් ඉඩමක් බව  සදහන් පුවරුවක්වත්  ප්‍රදර්ශනය කිරීමට,  ශ්‍රී ලංකා පුරාවිද්‍යාවට තවමත් හැගීම් හෝ දැනීම් පහලව නැති බව මෙහි සංචාරය  කරන ඕනෑම කෙනෙකුට පෙනේ.

ක්‍රි.ව 1604 සිට 1634 දක්වා සෙන්කඩගල රජ ව සිටි සෙනරත් රජු මෙම කඳු මුදුනේ මාලිගාව ඉදි කර තිබෙන බව ඉතිහාසයේ  සදහන්ය. මෙහි තැන තැන විසිරී තිබෙන ඉතා ශක්තිමත් ගල් ප්‍රාකාරවල කොටස් එම රජ මාලිගයේ බව මැද මහනුවර පැරණි  වැසියන් පවසති.  කන්දේ, පහල සිට බලන විට මෙම රජ මාලිගය අහස සිප ගන්නා නිසා , මෙයට “ අහස් මාලිගය” ලෙස පැරැන්නෝ හදුන්වා ඇති බවද ජනප්‍රවාදයේ  සදහන්ය. මෙම මාලිගය  සමග රාජකීය පොකුණක්ද, රජ මාලිගයේ සිට බෝමුරේ ගමේ දිය ඇල්ලක පිටු පස සිට මැදමහනුවර කන්දේ මෙම මාලිගාවට රහස් උමගක්ද තිබු බව ඉතිහාසය සදහන් කරයි.

මෙම කන්ද සහ රජ පිලිබදව විවිධ  ජනප්‍රවාද තිබෙන අතර  විවිධ පුද්ගලයන් විසින් ගවේෂණ ද කර තිබුනද , පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නිහඩවම සිටිමින් , මේ සිදු කරනුයේ දේශයක උරුමයන්  විනාශ කිරීමේ කොන්ත්‍රාත්තුවක් විය හැකි බව වැසියන් අතර කතා බහ ඇතිව තිබෙන්නේ බොහෝ කාලයක  සිටය.

මීට අමතරව “ මග දිගට ජනකතා” නමැති පොත රචනා කර ඇති   ඩී. පී. වික්‍රමසිංහ මහතා විසින් රජ මාලිගය පිළිබදව වැදගත් අනාවරණයක් ඉදිරිපත් කර තිබේ. එංගලන්තයේ කෞතුකගාරයක ඇති ඉතා දුර්වල ඡායා රූපයක් මෙම මග දිගට ජනකතා පොතේ ඉදිරිපත් කර තිබේ. එය එම පොතේ මුල් පිටුවෙහි දක්වා තිබෙන අතර, එම  ඡායාරූපයෙහි එක් පිටපතක් දැනට මැද මහනුවර විහාරස්ථානයෙහි තිබෙන බව පෙන්වා දෙයි. එම පිටපත ගෙන්වාගෙන ඇත්තේ මැදමහනුවර රජමහා විහාරාධිපතිව සිට අපවත්වී වදාළ ගරු පීලැස්සේ අත්ථදස්සී ස්වාමීන් වාහන්සේ විසින් බව සදහන්ය.

ජයාරූප 1. බ්‍රිතාන්‍ය කෞතුකාගාරයක තිබෙන පැරණි රජමාලිගාවේ බවට සැලකෙන  ඉතා පැරණි සිතුවමක්.

මෙම කදු මුදුනට ගොස් ඇති amazing lanka වෙබ් අඩවිය සමග නිරෝෂන් එදිරිසිංහ නමැති ඡායාරූප ශිල්පියාද මේ පිලිබදව සටහන් යොදා තිබෙන අතර හුන්නස්ගිරියේ පාලිත මඩුගල්ලේ මහතාද , එස්.පී.එස් වීරසිංහ මහතාද මෙම කන්දේ ඇති ෛඑතිහාසික වටිනාකම පිලිබදව දශක කිහිපයක් තිස්සේ වාර්තා කර තිබේ.

ජයාරූප අංක 02. හුන්නස්ගිරි කදු මුදුනේ ඇති පැරණි මාලිගාවේ බවට සැලකෙන නටබුන්.

ජයාරූප අංක 3. හුන්නස්ගිරි කදු මුදුනේ ඇති පැරණි මාලිගාවේ බවට සැලකෙන නටබුන්.

මෙම ඉදිකිරීම සිදු කල සෙනරත් රජුගේ පුත් වූ දෙවැනි රාජසිංහ රජුගේ දේහ විලාසය , රොබට් නොක්ස් දුටු අන්දමද මෙහි පහත ඡායාරූපයෙන්  දැක්වේ.

ජයාරූප අංක 4 . ඩි.පී වික්‍රමසිංහ මහතා ලියා ඇති මග දිගට ජන කතා පොතේ මුල් කවරය.  සෙනරත් රජුගේ පුත් වූ දෙවැනි රාජසිංහ රජුගේ දේහ විලාසය , රොබට් නොක්ස් දුටු අන්දමද මෙයින් පිලිඹිඹු කර ඇත.

මෙම  විශිෂ්ඨ ඉදිකිරීම තුල ඇති විශ්වකර්ම නිර්මාණයන් ආරක්ෂා කර ගැනීම සහ මතු කර ගැනීම දැන්වත් සිදු නොකළ හොත්, සීගිරිය හා සමාන ලෝක උරුමයක වත ගොත මෙලොවින් සැගවී  යනු ඇත. එබැවින්, පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ මෙන්ම නුවර දේශ හිතෛෂී ජනතාවගේ දෙනෙත් විවර විය යුතුය.

වැඩි තොරතුරු මෙතනින් ගන්න.

https://www.ravanalankanews.lk/1341/07/%e0%b6%b4%e0%b7%94%e0%b6%bb%e0%b7%8f%e0%b7%80%e0%b7%92%e0%b6%af%e0%b7%8a%e2%80%8d%e0%b6%ba%e0%b7%8f%e0%b7%80-%e0%b7%80%e0%b7%90%e0%b6%b1%e0%b7%83%e0%b7%99%e0%b6%ba%e0%b7%92-%e0%b6%89%e0%b6%ad/55/15/

පුරාවිද්‍යා දෙපාර්තුමෙන්තුවේ වගකීම.

අංක දෙක සහ 03 ජයාරූප ඉහත සදහන් වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී.

Exit mobile version