අද වන විට එක වේලක්වත් ආහාර නැති ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ශ්‍රී ලංකාව තුළ අනාත වී සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.
වේල් තුනක් ආහාර ගත් අය අද ගන්නේ ආහාර එකක් පමණක් බවද හෙතෙම පැවසීය.
මේ අවාසනාවන්ත තත්වය රටට ඇති කළේ 2019 වීරයෙක් යැයි කියා ගෙන්වා පුද්ගලයා විසින් ගත් තීරණ නිසා බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.
එනිසා මෙවර සමගි ජන බලවේගයට සහාය දෙන ලෙස 69 ලක්ෂයේ ජනතාවගෙන් ඉල්ලා සිටින බවද හෙතෙම කියා සිටියේය.
ඉදිරි පළාත් පාලන මැතිවරණයෙන් පසුව රට ගොඩනගන නව නිදහස් අරගලය ආරම්භ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.
ජාත්‍යන්තර මුල්‍ය සම්පාදන බුද්ධිමත් දැනුම ඇති ආයතන සම්බන්ධ කරගෙන මූල්‍ය වංචා කාරයන් හඳුනා ගැනීමේ කාර්යය සිදුකරන බවද හෙතෙම පවසයි.
ඒ මහතා මේ බව කියා සිටියේ පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගය විසින් සංවිධානය කර තිබූ ජන රැළි කිහිපයක්
අමතමිනි.
සරත් සමරනායක