කඳුකරයේ නොමිනිසුන්, නොකඩවා කැලෑ ගිනි තියලා!

මධ්‍යම කදුකරය තුළ මේ වන විට පවතින වියළි කාලගුණික තත්වයන් මත හැටන් ආශ්‍රිත බොහෝ ප්‍රදේශයන් තුළ සිදු කරනු කැලැ ගිනි තැබිම් හේතුවෙන් මෙම ප්‍රදේශයේ කැලැ අක්කර විශාල ප්‍රමාණයක් විනාශයට පත්ව ඇත.


මෙම තත්ත්වය පිළිබඳව අදහස් දක්වන ප්‍රදේශයේ බොහෝ පිරිසක් පවසනුයේ මේ වන විට පවතින වියළි කාළගුණික තත්වයන් මත හැටන්, වටවල, රොසැල්ල, බගවන්තලාව, මාඋස්සාකැලේ, වැනි ප්‍රදේශයන් තුළ සිදු කරනු ලබන කැලැ ගිනි තැබිම් හේතුවෙන් එම ප්‍රදේශවල කැලැ අක්කර විශාල ප්‍රමාණයක් විනාශයට පත්ව ඇති බවත්ය.


මෙම ප්‍රදේශවල සමහර පුද්ගලයන් විනෝදයට මෙන්ම එම කැලැ තුළ ජිවත්වන සතුන් දඩයම් කිරිමේ අරමුණ මත මෙම කැලැ ගිනි තැබිම් සිදුකරන බවත් මෙම තත්වයන් තුළ මෙම ප්‍රදේශවල කැලැ විනාශ වන්නා සේම දැඩි පරිසර විනාශයක් සිදුවෙමින් පවතින බවද එම පිරිස් පවසති.


එමෙන්ම මෙම කැලැ ගිනි තැබිම් හේතුවෙන් මෙම ප්‍රදේශයන් තුළ පවතින ජල පෝෂක ප්‍රදේශ විනාශයට පත් විමෙන් ඉදිරියේදි දැඩි ජල හිගයකට මුහුණ දිමට තමන්ට සිදුවන බවද පවසන එම පිරිස් මෙසේ කැලැ ගිනි තබන අයවලුන්ට එරෙහිව දැඩි පියවර ගැනිමට අදාල බලධාරින් පියවර ගත යුතු බවද පවසති.

Exit mobile version