විවිධ ජාවාරම්කරුවන්, සංවිධානාත්මක පාතාල කල්ලි විසින් කප්පම් ඉල්ලා සිදු කරන තර්ජන සහ බිය ගැන්වීම් පිළිබඳව ව්‍යාපාරිකයන්ට පොලීසියට විශේෂ දැනුම් දීමක් කර තිබෙන බව වාර්තා වේ .
වාර්තා වන ආකාරයට ඇතැම් ව්‍යාපාරිකයින් ප්‍රකාශ කළේ විදෙස් ගතව සැගවී සිටින පාතාල කල්ලි සාමාජිකයින්ගේ නම් යොදා ගනිමින් මෙරට ඇතැම් ජාවාරම්කරුවන් කප්පම් මුදල් ඉල්ලා සිටින බවයි.
එසේ කප්පම් ඉල්ලා ව්‍යාපාරිකයන් ඇතුලු පුද්ගලයින් බියට පත් කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බව පොලීසිය සදහන් කර තිබේ.
කෙසේ වෙතත් කිසිදු අවස්ථාවක කප්පම් මුදල් ලබා දීමෙන් වැළකී සිටින ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සියලු ජනතාවගෙන් හා ව්‍යාපාරිකයින්ගෙන් ඉල්ලීමක් කර තිබේ.