“කපුටු කාක් නඩුවෙන්” නීතිඥවරයා නිදහස්. පොලිසියට දැඩි ලෙස අවවාද.

Statue of Justice with scales in lawyer office. Legal law, advice and justice concept

“කපුටු කාක් කාක්” යන නාමය පටබැදුනු මෙරට දේශපාලනයේ නිරත වූ සහ මෙරට විනාශ කල ගොඩේ ප්‍රධානතම පුද්ගලයා වන්නේ බැසිල් රාජපක්ෂය. ඔහුගේ වීඩියෝවක් සමාජ ගත වීමත් සමගම එම සිද්දිය වූ අතර එයම පදනම් කරගෙන බොහෝ පුද්ගලයන්ගේ වාහනවල නලා නාදයන් පවා වෙනස කරගෙන තිබිණි.

එසේ “කපුටු කාක් “ රිද්මයෙන් නලා  නාදය සිය මෝටර් රථයේ සවිකරගෙන රජයට විරෝදය පෑ නීතිඥවරකුට නඩු පැවරීමට කොටුව පොලිසිය කටයුතු කර තිබුණි. කොළඹ ප්‍රදේශයේ අවට සියලුම පොලිස් ස්ථානවල පාහේ පත්කර තිබෙන සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් රාජපක්ෂ පරපුරේ වන්දී භට්ටයන් වන අතර කිසිදු සුදුසුකමක් නැති ඔවුන් තනිකරම දේශපාලන පත්වීම් වේ. නීතිය නොදත්, මහජනතාවගේ බදු මුදලින් වැටුප් රැගෙන දේශපාලනය පමණක් සිදුකිරීමට දත් පොලිස් නිලධාරීන් විසින් පවරන ලද නඩුවෙන් සැකකාර නීතිඥවරයා නිදහස් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එස්.එම්. ප්‍රභාකරන් මහතා ඊයේ (14) නියෝග කර තිබේ.

එහිදී මහේස්ත්‍රාත්වරයා දැඩිව අවවාද කරමින් යම් පුද්ගලයෙකුට නඩු පැවරීමට පෙර නිසි පරිදි නීතිය අධ්‍යයනය කර නඩු පවරන ලෙස ප්‍රකාශ කර තිබේ. කෙසේ වෙතත් නීතියට අනුව එසේ නඩු පැවරිය නොහැකි බව පැහැදිලිවම සදහන් කර තිබේ.  එය තව දුරටත් මහේස්ත්‍රාත්වරයා විසින්ම තහවුරු කර තිබේ.

නීතිඥවරයා වෙනුවනේ පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න යන මහත්වරුන් අධිකරණය හමුවේ කරුණු දක්වමින්, නීතිඥවරයා ගාලු මුවදොර පිටියේදී සිය මෝටර් රථයේ නළාව ශබ්ද කර ඇත්තේ, අරගලකරුවන් අත්අඩංගුවට ගනිමින් පොලිසිය ක්‍රියාත්මක කරන අයුතුසහගත ක්‍රියාදාමයට විරෝධය පෑම සඳහා බව ත් එලෙස රටේ ජනතාවට රජයකට එරෙහිව විරෝධය දැක්වීමට ඇති අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ම තහවුරු කර ඇති බව පෙන්වා දී තිබේ.

එසේම ඔවුන්ගේ පැහැදිලිකිරීම් වලට අනුව වර්තමාන ජනාධිපතිවරයා මෙන් ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද විපක්ෂයේ සිටියදී පැවති රජයන්ට එලෙස විරෝධතා පා ඇති බව ද අධිකරණයට පෙන්වා දී තිබේ. එසේම ඔවුන් වැඩි දුරටත් පෙන්වා දී තිබෙන්නේ පොලිසිය සැකකාර නීතිඥවරයාට එරෙහිව නළා හඬවා බාධා කළේ යැයි චෝදනා කරමින් නඩු පැවරීමෙන් ජන ඝෝෂා නඩුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් තහවුරු කර ඇති ජනතාවගේ මූලික අයිතිවාසිකම් සම්පූර්ණයෙන් ම පොලිසිය උල්ලංඝණය කර ඇති බවය.

කෙසේ නමුත් අපට වාර්තා වන ආකාරයට එම පොලිස් නිලධාරීන්ට විරුද්දව නඩු පැවරීමටද කටයුතු සිදුවෙමින් පවතී.

Exit mobile version