අද (15) දිනයේ මෙරට 16වන මහ බැංකු අධිපතිවරයා ලෙස නිවාඩ් කබ්රාල් මහතා වැඩ භාරගැනීමට නියමිතය.
අද දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකු අධිපතිවරයා ලෙස ,ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කරනු ලැබීය.
අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රවීණ වරලත් ගණකාධීවරයෙකු ,අමාත්‍යංශ ලේකම්වරයෙකු මෙන් ම වසර 09කට ආසන්න කාලයක් මහබැංකු අධිපතිවරයා ලෙස ද කටයුතු කර ඇත.
එසේම වත්මන් රජයේ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මොහු පසුගියදා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්විය.